හලාවත නිවසක ගින්නක් – තිදෙනෙක් ජීවිතක්ෂයට

හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇති වූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

හලාවත ‘දසත නිව්ස්’ වාර්තාකරු සඳහන් කළේ ඊයේ (19) රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නට හසුව මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එකම පවුලේ මව, පියා සහ දියණිය බවට තොරතුරු වාර්තා වනවා.

ජීවිතක්ෂයට පත් වූ තිදෙනාගේ මෘත ශරීර තවමත් එම නිවස තුළ ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
6
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !