logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

හරිත මාවතෙන් රන් ආභරණ පිටකරන්න ගිය ගුවන් මගියා රේගු දැලේ

රුපියල් කෝටි 02ක් පමණ වටිනා ස්වර්ණාභරණ සිය ගමන් මලු තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට යාමට තැත් කළ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගියා ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සෑම මාසයකම තුන් හතර වතාවක් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වල යෙදුණු අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, රුසියාව වැනි රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් දැඩි පරීක්ෂා කිරීමකට ලක් නොකරන අතර, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අහඹු ලෙස පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීමේ දීයි මෙම ස්වර්ණාභරණ රේගු නිලධාරීන්ට සොයාගැනීමට හැකිව ඇත්තේ.

ග්‍රෑම් 995ක් බරැති රන් දම්වැල් දෙකක්, අත්පළඳනාවක් සහ මුද්දක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ (29) පස්වරු 06.30ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 654 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?