හරිත මාවතෙන් රන් ආභරණ පිටකරන්න ගිය ගුවන් මගියා රේගු දැලේ

රුපියල් කෝටි 02ක් පමණ වටිනා ස්වර්ණාභරණ සිය ගමන් මලු තුළ සඟවාගෙන කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට යාමට තැත් කළ ගුවන් මගියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් මෙම ගුවන් මගියා ඊයේ (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා යාපනය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි අයෙක් වන අතර, ඔහු සෑම මාසයකම තුන් හතර වතාවක් ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන්වල යෙදුණු අයෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

ප්‍රංශය, එංගලන්තය, ජර්මනිය, රුසියාව වැනි රටවල සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් දැඩි පරීක්ෂා කිරීමකට ලක් නොකරන අතර, මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත අහඹු ලෙස පරීක්ෂා කර තිබෙනවා.

එම පරීක්ෂා කිරීමේ දීයි මෙම ස්වර්ණාභරණ රේගු නිලධාරීන්ට සොයාගැනීමට හැකිව ඇත්තේ.

ග්‍රෑම් 995ක් බරැති රන් දම්වැල් දෙකක්, අත්පළඳනාවක් සහ මුද්දක් මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙම පුද්ගලයා ඊයේ (29) පස්වරු 06.30ට පමණ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර් – 654 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
00:00
Video thumbnail
ශිරන්තිගේ ඇසේ සැත්කමක් කරන්න තියෙනවා - බෙහෙත් ගත්තු ගමන් ආපහු එයි
02:25
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ආයතනය ලංකාවේ ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා දෙනවා - මම අගය කරනවා
01:40
Video thumbnail
තිලීපන්ගේ පිළිරූව අයින් කළාට පස්සේ වුණ දේ..
01:25
Video thumbnail
හිමිනමක් මාලිමා වේදිකාවේ සැරටම කිව්ව දේ - පිරිසිදු හිත් ඇතිවෙන ජනතාව නිර්මාණය වෙනවා
08:32
Video thumbnail
159ම ලස්සන වෙලා, පොහොසත් වෙලා
09:18
Video thumbnail
තිලීපන්ගේ පිළිමය අරගෙන ගියාම ප්‍රශ්නය ඉවරද ?එදා ආණ්ඩුවේ අයත් තිලීපන් සැමරුමේ හිටියා ?
02:20
Video thumbnail
75 හැවිරිදි සිව්දරු පියාට අත්වූ ඛේදනීය ඉරණම - වැව් ඉස්මත්තේ තියෙනවා අලින්ට ඉන්න බෝඩිමක්
03:15
Video thumbnail
නාමල්ව ආරක්ෂා කරන්න රටේ මිනිස්සු එකතුවෙනවා
03:21
Video thumbnail
ගලිගමුවට ගිය සජිත්ට ලැබුණු ආදරණීය පිළිගැනීම
01:50