නදුන් චින්තක නොහොත් හරක් කටාව වසර දෙකකට අධික කාලයක් තිස්සේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමට විරුද්ධව ඔහුගේ නීතිඥයා වන උඳුල් ප්‍රේමරත්න විසින් මානව හිමිකම් කොමිසම වෙතට ලිපියක් භාර දෙනු ලැබුවා.
එහිදී නදුන් චින්තක නොහොත් හරක් කටාගේ නීතිඥයා විසින් සඳහන් කළේ නදුන් චින්තක මේ වන විට අවුරුදු දෙකක් සහ මාස 08කට ආසන්න කාලයක් රැඳවුම් භාරයේ සිටින බවත් මෙතෙක් ඉතිහාසයේ කිසිඳු සැකකරුවෙක් එතරම් කාලයක් රැඳවුම් භාරයේ සිට නොමැති බවයි.
එමෙන්ම අදාළ සැකකරු වෙනුවෙන් නිලධාරීන් 87 දෙනෙක් වෙන් කර ඇති බවත් ඔහුව එලෙස රඳවා තබා ගැනීම වෙනුවෙන් ජනතාවගේ බදු මුදලින් මාසිකව රුපියල් කෝටියකට අධික මුදලක් වැය වන බවත් නීතිඥවරයා විසින් මානව හිමිකම් කොමිසම වෙත පැමිණි කර තිබෙනවා.





