AFC Banner
AFC Banner
Empty Ad

හරක් කටාගේ පෙත්සමට CID අධ්‍යක්ෂක ඇතුළු පිරිසකට නොතීසි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා නමැත්තා රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන හතරවන රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස එහි වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරීන්ට නොතීසි ලබා දීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළා.

මෙම පෙත්සම අද (05) දින ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

පෙත්සම සලකා බැලීම සඳහා කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිඥවරු පෙනී සිටියේ නැහැ.

ඒ අනුව වග උත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සලකා බැලීම සඳහා ලබන 28 වනදා කැඳවන ලෙසත් නියෝග කළා.

පෙත්සම්කාර නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක්කටා අධිකරණයට දැනුම් දී ඇත්තේ කිසිදු නව විමර්ශනයකින් තොරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන්ව දිගින් දිගටම රඳවා ගැනීම නීති විරෝධී බවයි.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් අදාල රැඳවුම් නියෝගය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කළ ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?