හරක් කටාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ සැකකරුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ තම පුත්‍රයාට එරෙහිව මේ වන විට කොළඹ හා මාතර අධිකරණවල නඩු හතක් පමණ පවතින බවයි.

පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවේ පසුවූ මාකඳුරේ මධුෂ් වැනි සැකරුවන් විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවල දී වෙඩි තබා මරා දැමුණු බව පෙන්වාදෙන පෙත්සම්කරු එම තත්ත්වය මත මේ වන විට අත්අඩංගුවේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් මතුවී තිබෙන බව සඳහන් කර තිබෙනවා.

එබැවින් මෙම පෙත්සම කඩිනමින් සලකා බලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන සිය පුත්‍රයාගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස වග උත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින සැකකරු හමුවීමට ඔහුගේ ඥාතීන්ට සහ නීතිඥවරුන්ට අවකාශ සලසා දෙන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයෙකු දැනුවත් නොකොට අත්අඩංගුවේ පසුවන සැකකරු විමර්ශන කටයුතු සඳහා බාහිර ස්ථානවලට රැගෙන නොයන ලෙස වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරු එසේ බාහිර ස්ථානවලට රැගෙන යන අවස්ථාවලදී සැකකරුගේ අත් සහ පා විලංගුලා රැගෙන යන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙසටයි ඉල්ලා ඇත්තේ.

යම් අවස්ථාවක සිය පුත්‍රයා ඇප මත මුදා හරිනු ලැබූ වොත් ඔහුගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස වගඋත්තරකරුවන් වෙත තවත් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?