හරක්කටාට අවශ්‍ය පුවත්පත් ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි නායකයෙකු මෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක්කටා හෙවත් නඳුන් චින්තක නමැත්තා හට අවශ්‍ය පුවත්පත් ඔහුට ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළා.

එම නඩුව අද (28) කැඳවූ අවස්ථාවේ දී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජිය ආරියදාස මහතා කරුණු දක්වමින් පැවසුවේ, සිය සේවාදායකයාට මින් පෙර ද පුවත්පත් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිය ද මෙතෙක් එම අධිකරණ නියෝගය ඉටුව නැති බවට පෙන්වා දුන්නා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා සිටියේ දිනපතා පුවත්පත් ලබා දීමේ යම් දුෂ්කරතාවක් ඇති බවත්, නමුත්, ඔහුට අවශ්‍ය පුවත්පත් ඉදිරියේ දී ලබාදීමට එකඟ වන බව‍යි.

එම නඩුව යළිත් ලබන 09 වැනිදා කැඳවීමට අධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි හරක්කටාට පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි (2015 ජුනි 10 සිද්ධිය) චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ හරක්කටා ගෙන යාමට පැමිණි වාහනයක රියදුරෙකුට එරෙහිව අදාළ නඩුව මෙලෙස අද කැඳවනු ලැබුවා.

ඒ අනුව විත්තිකරුවන් තිදෙනාට අධිචෝදනා 22ක් යටතේ නඩු පවරා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?