හරක්කටාට අවශ්‍ය පුවත්පත් ලබාදීමට පියවර ගන්නා ලෙස අධිකරණයෙන් නීතිපතිට නියෝගයක්

තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධ කල්ලි නායකයෙකු මෙන් ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක්කටා හෙවත් නඳුන් චින්තක නමැත්තා හට අවශ්‍ය පුවත්පත් ඔහුට ලබාදීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළා.

එම නඩුව අද (28) කැඳවූ අවස්ථාවේ දී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජිය ආරියදාස මහතා කරුණු දක්වමින් පැවසුවේ, සිය සේවාදායකයාට මින් පෙර ද පුවත්පත් ලබාදෙන ලෙසට ඉල්ලා සිටිය ද මෙතෙක් එම අධිකරණ නියෝගය ඉටුව නැති බවට පෙන්වා දුන්නා.

එම අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා සිටියේ දිනපතා පුවත්පත් ලබා දීමේ යම් දුෂ්කරතාවක් ඇති බවත්, නමුත්, ඔහුට අවශ්‍ය පුවත්පත් ඉදිරියේ දී ලබාදීමට එකඟ වන බව‍යි.

එම නඩුව යළිත් ලබන 09 වැනිදා කැඳවීමට අධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි හරක්කටාට පලා යාමට ආධාර අනුබල දුන්නේ යැයි (2015 ජුනි 10 සිද්ධිය) චෝදනා ලැබූ පොලිස් කොස්තාපල්වරයෙකු සහ හරක්කටා ගෙන යාමට පැමිණි වාහනයක රියදුරෙකුට එරෙහිව අදාළ නඩුව මෙලෙස අද කැඳවනු ලැබුවා.

ඒ අනුව විත්තිකරුවන් තිදෙනාට අධිචෝදනා 22ක් යටතේ නඩු පවරා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39