හයර් දුවන ත්‍රීවිල්වලට වැඩිපුර තෙල්

පූර්ණ කාලීනව කටයුතු කරන වෘත්තීයමය ත්‍රිරෝද රථ රියැදුරන් හඳුනාගෙන ඔවුන්ට ලබාදෙන ඉන්ධන සලාකය වැඩි කිරීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී ඊයේ (06 ) පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී ඇමැතිවරයා එහි ආරම්භක වැඩපිළිවෙළක් ලෙස පසුගිය සති පහ පුරා, පොලිස් ස්ථාන මට්ටමින් සහ පළාත් පාලන මට්ටමින් ත්‍රිරෝද රථ ලියාපදිංචිය ආරම්භ කළ බවත් කීවේය.

මේ වන විට කිව්.ආර්. ක්‍රමය ඔස්සේ ත්‍රිරෝද රථ දසලක්ෂ හතළිස් තුන් දහස් එකසිය දහසයක් ලියාපදිංචි වී තිබෙන බවත් ඒ අතුරින් ත්‍රිරෝද රථ නව ලක්ෂ තිස් නව දහස් හාරසිය හතළිස් හතක් පසුගිය සතිය තුළ ඉන්ධන ලබාගෙන ඇති බවත් ඇමැතිවරයා කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?