කච්චතිව් වාර්ෂික දේව මංගල්‍යය මේ මස 27 සහ 28 දී

යාපන අර්ධද්වීපයේ පිහිටි කච්චතිව් දූපතේ, ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, මෙවර ලබන 27 සහ 28 දෙදින උත්කර්ෂවත්ව පැවැත්වීමට, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් කටයුතු සූදානම් කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ තාක්‍ෂණික, සම්පත් හා ශ්‍රම දායකත්වය ලබාදීම සිදු කරමින් පවතින බවය් නාවික හමුදාව සඳහන් කළේ.

ඒ අනුව, නාවික හමුදාධිපතිගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපතිගේ අධීක්‍ෂණයෙන්, කච්චතිව් ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් වෙනුවෙන් තාවකාලික ජැටි ඉදි කිරීම, පානීය ජලය සඳහා ජල පද්ධති ස්ථාපිත කිරීම, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි සහ තාවකාලික මංමාවත් සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද මේ දිනවල කඩිනමින් සිදුකරමින් පවතිනවා.

එමෙන්ම, බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව විසින් සිදුකරනු ලබන අතර, නාවික හමුදාවේ දායකත්වයෙන් ඉදිකරන ලද කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ පිළිසකර කිරීම ඇතුළු අළුත්වැඩියා කටයුතු සහ දේවස්ථානය අවට ප්‍රදේශය හා මංමාවත් එළි පෙහෙළි කිරීම ද නාවික හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් සිදුවනවා.

තවද, වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුන් ඇතුළුව අනෙකුත් සියළු පූජකයින් සහ නිලධාරින් ද, විවිධ වු සැපයුම් ද කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා ආරක්‍ෂිතව මුහුදු මාර්ග‍යෙන් ප්‍රවාහනය කිරීම නාවික හමුදාව මඟින් සහ නාවික හමුදාවේ අධික්‍ෂණය යටතේ සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රාගම පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවයි - බන්ධනාගාරයට නේවි එකෙමුත් බහියි
02:07
Video thumbnail
ඇයි සර් මෙච්චර හමුදාව, පොලිසිය ගෙනල්ලා - ඒ වුණාට සර් වෙ# තියනවා ඇහෙනවනේ ?
00:55
Video thumbnail
බස්නාහිර උතුරභාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහ මහරට පැමිණෙයි - යන්න අම්මේ අරහෙට"
01:14
Video thumbnail
බන්ධනාගාරය නිරීක්ෂණයට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එයි - ආරක්ෂාව තව තවත් දැඩි කරයි
02:01
Video thumbnail
"අහිංසකයන්ට වෙ# තියෙන්නෙ..දෙයියන්ට පොල් ග#ලා දෙයියොත් කෝප කරවලා"ඥාතීන් යකා නටයි
03:20
Video thumbnail
බන්ධනාගාරයට හමුදා විශේෂ යතුරුපැදි කණ්ඩායම් පැමිණෙයි - මෙන්න නවතම දර්ශන
01:13
Video thumbnail
මහර බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරිසරණ ඇති අයුරු - ඥාතීන් බන්ධනාගාර භූමිය දෙකක් කරයි
01:10
Video thumbnail
ඔයාලා වෙ# තියන්නද යන්නේ..කවුරු ආවත් අපිට වැඩක් නෑ - මිනිස්සු හමුදාවට හූ.. කියයි
01:55
Video thumbnail
අවි සහිතව හමුදාව බන්ධනාගාරයට බහින හැටි මෙන්න - "අයියේ එක කොල්ලෙක්ටවත් මොකුත් කරන්න එපා"
02:38
Video thumbnail
රැඳවියන්ගේ ඥාතීන්ට යකා නගියි - ගිනි දීලා උඹලා ගන්න පඩි යා දෙනවද ?..ගෙනල්ලා දැම්මා කූඩුවට
02:08