මෙම වසරේ ගත වූ දින 36ට රථවාහන වැරදිවලට 155,000කට නඩු

මෙම වසරේ ජනවාරි පළමු වනදා සිට ඊයේ (05) දිනය දක්වා වූ දින 36ක කාලය තුළ විවිධ වූ රථවාහන වැරදි සම්බන්ධයෙන් 155,000කට විරුද්ධව අධිකරණයේ නඩු පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් පවසනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසයේ අද (06) කැඳවා තිබූ මාධ්‍ය හමුවක දී සහකාර පොලිස් අධිකාරීවරයා මේ බව සඳහන් කළා.

මේ අතර මෙරට තුළ අපරාධ සිදුකර විදේශ රටවල සැඟව සිටි සංවිධානාත්මක අපරාධකරුවන් තිදෙනෙක් මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනට ගෙන්වාගෙන ඇති බව ද ඔහු පැවසුවා.

එමෙන්ම විදේශ රටවල සැඟව සිටින තවත් සංවිධානාත්මක අපරාධකරුවන් 103 දෙනෙකු සඳහා රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන් කළ මාධ්‍ය ප්‍රකාශක සහකාරවරයා, ඔවුන්ව ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට එම විදෙස් රටවල් සමඟ කටයුතු කරන බවයි සඳහන් කර සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා රටේ මිනිස්සුන්ට අපහාසයක් කළේ - අජිත් ගේම ඉල්ලයි
13:48
Video thumbnail
අනුර සර් ඔයා රටේ අයිතිකාරයා නෙවෙයි - භාරකාරයා..මේ නිර්මාණය කරන්නේ කළු රාජ්‍යයක්
11:31
Video thumbnail
ඇමති සමන්ත කලකට පසු විපක්ෂයට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
12:23
Video thumbnail
නාමල්ව වට්ටන්න අනුර කුමාරලා 10000ක් ආවත් බෑ
05:44
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි'
01:19
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද කටුනායකින් එළියට ආ 'කොණ්ඩ රංජි' - මුළු ඇඟම රෙද්දකින් වහගෙන එන අයුරු
01:37
Video thumbnail
DVගේ කතාව මැද චාමර සම්පත් ගල් ගැහිලා වගේ බලාගෙන හිටිය හැටි
07:21
Video thumbnail
කාන්තාවෝ ඇවිත් ජනපති අනුරට දෙයි රිදෙන්නම - ඒකටත් බදු ගහනවනම් අශිෂ්ටත්වයේ සංකේතයක්
05:20
Video thumbnail
අර්චුනා.. ඔයාට දඬුවම් කරනවා - මූලාසනයෙන් හොඳටම අහගනී
01:19
Video thumbnail
මම මෙතනට ආවේ මගේ තාත්තා නිසා.. ඒ අහිමිවීමට කවුරු හරි දායක වුණානම් ඒ හත්මුතු පරම්පරාවටම ශාප වෙනවා..
00:44