AFC Banner
AFC Banner
Empty Ad

හමුදා සැරයන්වරයෙක්ට ජනාධිපති සමාවදීමේ තීරණයට ගෝඨාට නොතීසි

2000 වසරේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම වී සිටි යුධ හමුදා සැරයන් සුනිල් රත්නායක ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) නියෝග කළා.

විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද යසන්ත කෝදාගොඩ සහ අචල වෙංගප්පූලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් කෙරුණා.

පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඒම්.ඒ. සුමන්දිරන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ජනාධිපති සමාව ලබා නිදහස් වූ යුද හමුදා සැරයන් සුනිල් රත්නායක යන අයට අධිකරණය හමුවේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීම සම්බන්ධයෙන් කරුණු දක්නට ලෙස දන්වා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළා.

ඊට අමතරව අදාළ පෙත්සමේ වග උත්තරකරුවකු වශයෙන් නම් කර සිටි ජනාධිපති සමාව මත නිදහස් කෙරුණු යුද හමුදා සැරයන් සුනිල් රත්නායකට ද මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි දන්වා නොතිසි නිකුත් කරන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කරනු ලැබූවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම සැප්තැම්බර් මස 04 වනදා කරුණු තහවුරු කිරීම සඳහා කැඳවන ලෙසත් අධිකරණ විසින් නියෝග කළා.

2000 වසරේ දෙසැම්බර් මස 19 වනදා යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේදී කුඩා ළමයකු ඇතුළු සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දමා වළ දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායක ඇතුළු පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නඩු පවරනු ලැබුවා.

එම නඩුවේ විභාගයෙන් අනතුරුව වරදකරු කෙරුණු සුනිල් රත්නායක නමැත්තාට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මරණීය දණ්ඩනය නියම කළා.

ඉන් අනතුරුව එම මරණීය දණ්ඩනයෙන් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා සුනිල් රත්නායක ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබුණා.

එම අභියාචනා පෙත්සම විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් විත්තිකාර සුනිල් රත්නායකට මරණීය දණ්ඩනය නියම කරමින් කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් දුන් තීන්දුව 2017 වසරේ මැයි මස 20 වනදා තහවුරු කරනු ලැබූවා.

ඉන් අනතුරුව මරණීය දණ්ඩනය ලබා සිටි සුනිල් රත්නායක නැමැත්තා 2020 වසරේ මාර්තු මස 26 වනදා එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජනාධිපති සමාව ප්‍රදානය කොට නිදහස් කරනු ලැබුවා.

පෙත්සම්රු කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය යටතේ අධිකරණය විසින් වරදකරු කරනු ලබන පුද්ගලයින්ට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා වෙත බලය පැවරී තිබෙන බවයි.

එහෙත් එම සමාව ප්‍රදානය කිරීමේ දී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීතිමය පටිපාටියක් පවතින බවත් පෙත්සම්කරු පෙන්වා දෙනවා.

එම නීතිමය පටිපාටිය අනුගමනය නොකොට අදාළ විත්තිකරු වෙත ජනාධිපති සමාව ප්‍රදානය කොට ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කටයුතු කර ඇති බවත්, එය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවත් පෙත්සම්කරු සඳහන් කළා.

මේ හරහා හිටපු ජනාධිපතිවරයා අධිකරණය සතු බලය අවභාවිතාවට ලක් කර ඇති අතර, ඒ තුළින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් සිදුකර ඇතැයි චෝදනා කළ පෙත්සම්කරු ඒ තුළින් ඔහු ජනතා පරමාධිපත්‍යය උල්ලංඝනය කර තිබෙන බවත් අධිකරණය හමුවේ සඳහන් කළා.

ඒ, අනුව සුනිල් රත්නායකට ජනාධිපති සමාව ප්‍රදානය කර මරණීය දණ්ඩනයෙන් නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගනු ලැබූ තීරණය තුළින් මූලික මිනිස් අයිතීන් උල්ලංඝන වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් එම ජනාධිපති සමාව බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අම්පාරේ පාර පුරා දුවන අලි...#1million #elephant #viralvideo
01:10
Video thumbnail
වජිර කාලෙකට පස්සේ සුපිරි කතාවක් කරයි
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:46
Video thumbnail
එහෙනම් කෙල්ලනේ ගේම ගහලා වරෙව් #dasathamidnewstoday #dasathanews #live
00:56
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
07:58
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
41:41
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02

?