හමුදා සාමාජිකයෙක් මල් කැකුළකට කළ අහස පොලව නුහුලන වැඩේ

වයස අවුරුදු 14 යි මාස 06 ක් වනස පාසල් සිසුවියක්ව මව්පිය භාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් අපහරණය කළ බව කියන හමුදා සාමාජිකයෙකු 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති බව නවගත්තේගම පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුරුවිට – ගැමුණු හේවා බල ඇණියට අනියුක්තව සේවය කරන 18 හැවිරිදි අයෙකු බවයි පැවසෙන්නේ.

නවගත්තේගම – වෙලේවැව පදිංචිකරුවෙකු විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව සැකකරුව අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අපහරණයට ලක්ව ඇති දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා ආණමඩුව දිසා රෝහලට මේ වන විට ඇතුළත් කර තිබෙනවා.

සැකකරු අද දිනයේ (19 වෙනිදා ) ආණමඩුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
9
+1
1
+1
2
+1
6
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?