හමාස් ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල කාන්තාවකගේ සිරුර සොයාගැනේ

පසුගිය ඔක්තෝම්බර් 07 වන දින හමාස් සංවිධානය විසින් පැහැර ගන්නා ලද ප්‍රාණඇපකරුවෙකුගේ සිරුරක් ඊශ්‍රායලය හමුදාව විසින් තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 65 හැවිරිදි යෙහුඩිට් වයිස් නමැති කාන්තාවකගේ මළ සිරුර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම කාන්තාවගේ මළ සිරුර ෂිෆා රෝහලට යාබද ගොඩනැඟිල්ලක තිබී සොයාගෙන ඇති බවයි ඊශ්‍රායලය ආරක්ෂක හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

වෛද්‍ය නිලධාරීන් සහ හමුදානිලධාරීන් විසින් සිදුකරන ලද හඳුනාගැනීමේ ක්‍රියාවලියකින් පසුව වයිස්ගේ පවුලේ ඥාතීන්ට ඇයගේ මරණය පිළිබඳව දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිටි මෙම කාන්තාව ඝාතනය කළේ කෙසේ ද සහ කවදා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු එම ඥාතීන්ට තවමත් දන්වා නොමැති බව ද සඳහන්.

හමාස් ප්‍රහාරයේ දී ප්‍රාණඇපයට ගත් පුද්ගලයින් 240 දෙනෙකුගෙන් ඇමරිකානුවන් දෙදෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු මේ වනවිට නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රාණඇපකරුවන්ගෙන් තවත් කී දෙනෙක් ඝාතනය වන්නට ඇත්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (16) මාධ්‍ය වෙත සඳහන් කළේ හමාස් සංවිධානය විසින් ප්‍රාණඇපකරුවන් ගාසා හී අල්-ෂිෆා රෝහලේ රඳවාගෙන ඇති බවට ලද තොරතුරක් මත ඊශ්‍රායල හමුදාවන් බදාදා උදෑසන රෝහලේ ගොඩබිම් මෙහෙයුමක් දියත් කළ බවයි.

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් ගාසා තීරයේ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා අඩාල වී ඇති බව පලස්තීන ටෙලිකොම් සමාගම් පවසනවා.

එම සංගම් සඳහන් කළේ ඔවුන්ගේ ජනක යන්ත්‍ර නඩත්තු කරන සියලුම බලශක්ති ප්‍රභවයන් මේ වනවිට අවසන් වී ඇති බවයි.

යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා සිට ගාසා තීරයේ පුද්ගලයින් 11,500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි හමාස් පාලනය යටතේ පවතින පලස්තීන සෞඛ්‍ය අංශ පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?