ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් නවතී – එල්ල වූ ප්‍රහාරයෙන් ජීවිත හානියක් නැහැ

ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලවීමත් සමඟ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

එහි සියලුම මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය ඉන්ධන ටැංකියකට එල්ල වී ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ඩුබායි පොලිසිය විසින් ගුවන්තොටුපළ මාර්ගය සහ ගුවන්තොටුපළ උමග වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

හදිසි මෙහෙයුම් දිගටම කරගෙන යන අතරතුර විකල්ප මාර්ග භාවිතා කරන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටින ඩුබායි පොලිසිය ගුවන්තොටුපළ මාර්ගය සහ ගුවන්තොටුපළ උමග තාවකාලිකව වසා දමන බව නිවේදනය කළේ.

මේ අතර එල්ලවූ ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11