හමාස් ප්‍රාණඇපයේ සිටි ඊශ්‍රායල කාන්තාවකගේ සිරුර සොයාගැනේ

පසුගිය ඔක්තෝම්බර් 07 වන දින හමාස් සංවිධානය විසින් පැහැර ගන්නා ලද ප්‍රාණඇපකරුවෙකුගේ සිරුරක් ඊශ්‍රායලය හමුදාව විසින් තිබෙනවා.

මෙලෙස සොයාගෙන ඇත්තේ 65 හැවිරිදි යෙහුඩිට් වයිස් නමැති කාන්තාවකගේ මළ සිරුර බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම කාන්තාවගේ මළ සිරුර ෂිෆා රෝහලට යාබද ගොඩනැඟිල්ලක තිබී සොයාගෙන ඇති බවයි ඊශ්‍රායලය ආරක්ෂක හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

වෛද්‍ය නිලධාරීන් සහ හමුදානිලධාරීන් විසින් සිදුකරන ලද හඳුනාගැනීමේ ක්‍රියාවලියකින් පසුව වයිස්ගේ පවුලේ ඥාතීන්ට ඇයගේ මරණය පිළිබඳව දැනුම් දුන් බවයි වාර්තා වන්නේ.

මේ අතර ප්‍රාණ ඇපකරුවෙකු ලෙස සිටි මෙම කාන්තාව ඝාතනය කළේ කෙසේ ද සහ කවදා ද යන්න සම්බන්ධයෙන් තොරතුරු එම ඥාතීන්ට තවමත් දන්වා නොමැති බව ද සඳහන්.

හමාස් ප්‍රහාරයේ දී ප්‍රාණඇපයට ගත් පුද්ගලයින් 240 දෙනෙකුගෙන් ඇමරිකානුවන් දෙදෙනෙකු සහ ඊශ්‍රායල ජාතිකයින් දෙදෙනෙකු මේ වනවිට නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ප්‍රාණඇපකරුවන්ගෙන් තවත් කී දෙනෙක් ඝාතනය වන්නට ඇත්ද යන්න පිළිබඳව තවමත් පැහැදිලි තොරතුරක් වාර්තා වන්නේ නැහැ.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (16) මාධ්‍ය වෙත සඳහන් කළේ හමාස් සංවිධානය විසින් ප්‍රාණඇපකරුවන් ගාසා හී අල්-ෂිෆා රෝහලේ රඳවාගෙන ඇති බවට ලද තොරතුරක් මත ඊශ්‍රායල හමුදාවන් බදාදා උදෑසන රෝහලේ ගොඩබිම් මෙහෙයුමක් දියත් කළ බවයි.

මේ අතර ඉන්ධන හිඟය හේතුවෙන් ගාසා තීරයේ ජංගම දුරකථන සහ අන්තර්ජාල සේවා අඩාල වී ඇති බව පලස්තීන ටෙලිකොම් සමාගම් පවසනවා.

එම සංගම් සඳහන් කළේ ඔවුන්ගේ ජනක යන්ත්‍ර නඩත්තු කරන සියලුම බලශක්ති ප්‍රභවයන් මේ වනවිට අවසන් වී ඇති බවයි.

යුද්ධය ආරම්භ වූ දින සිට මේ දක්වා සිට ගාසා තීරයේ පුද්ගලයින් 11,500 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි හමාස් පාලනය යටතේ පවතින පලස්තීන සෞඛ්‍ය අංශ පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිවසකට විශාල කොස් ගසක් කඩා වැටි සිදුවූ අනතුර
01:25
Video thumbnail
මහින්දට කැළණියේදී හමුවූ පොඩිත්තා
01:27
Video thumbnail
නලින්ද ඉදිරියේ හඬා වැටුණු ඥාතීන්
01:29
Video thumbnail
යාලුවව බලලා තනියම බැන බැන යන හිටපු ඇමති නිමල් සිරිපාල
00:24
Video thumbnail
අධික වේගයෙන් ආ මෝටර් රථයක් දුරකථන කණු කඩාගෙන නැවතෙයි
00:27
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන
00:29
Video thumbnail
මහින්ද රාජපක්ෂ වැටුණ වැටිල්ල නොවැටී ඉදිරියට යන්න අපි බුද්ධිමත් වෙන්න ඕනේ
02:50
Video thumbnail
වාරියපොළදී සිදුවූ බිහිසුණු අනතුරේ සංවේදී දර්ශන - බ්‍රේක් ගැහුවේ නැත්තම් ගන්න දෙයක් නෑ
00:43
Video thumbnail
22ක තුළ අතීතය කෙසේ වෙතත් කළු වර්තමානයක් නිර්මාණය වෙලා තියෙන්නේ
01:02
Video thumbnail
මුළු රටේම බලය පැලවත්තට යට කරන්න මේ ආණ්ඩුව හදන්නේ - සජිත් ආණ්ඩුවට සැරටම කිව්ව දේ
00:56