හම්බන්තොට හරකෙක් කල හදියක්

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පසුගිය 30 වනදා රාත්‍රී 8.00ට පමණ දෙපිරිසක් අතර සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එක පාර්ශවයක පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ ඥාතියෙකුට අයත් ගවයන් තම වත්තට පැන හානි සිදු කරන බව පවසමින් මෙම ආරවුල ඇති වී ඇති අතර පසුව මියගිය පුද්ගලයාද එම ආරවුල සඳහා මැදිහත්වී ඇති අතර ඒ අතරතුර සිදු වූ පිහි ඇනුමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා හම්බන්තොට රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් සුදුසිංහ නමැති වයස අවුරුදු 39ක විවාහක අයෙකු බවයි පොලිසිය පවසා සිටින්නේ.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?