හම්බන්තොට හරකෙක් කල හදියක්

හම්බන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේ පසුගිය 30 වනදා රාත්‍රී 8.00ට පමණ දෙපිරිසක් අතර සිදු වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එක පාර්ශවයක පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදීමෙන් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් හම්බන්තොට වරාය පොලිස් ස්ථානය මගින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ ඥාතියෙකුට අයත් ගවයන් තම වත්තට පැන හානි සිදු කරන බව පවසමින් මෙම ආරවුල ඇති වී ඇති අතර පසුව මියගිය පුද්ගලයාද එම ආරවුල සඳහා මැදිහත්වී ඇති අතර ඒ අතරතුර සිදු වූ පිහි ඇනුමක් හේතුවෙන් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා හම්බන්තොට රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ මියගොස් ඇත්තේ අම්බලන්තොට මිරිජ්ජවිල ප්‍රදේශයේම පදිංචි ප්‍රදීප් සුදුසිංහ නමැති වයස අවුරුදු 39ක විවාහක අයෙකු බවයි පොලිසිය පවසා සිටින්නේ.

මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහරෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත්කර තිබෙන අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !