හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපය සම්බන්ධයෙන් විශේෂ නියෝගයක්

හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපය පාලනය විය යුතු ආකාරය පිළිබඳ දැක්වෙන රෙගුලාසි මාලාවක් ගැසට් නිවේදනයක් මාර්ගයෙන් නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය සියලු වගඋත්තරකරුවන්ට නියෝග කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය ඉදිරි මාස දෙක තුළ නිකුත් කිරීමට පියවර ගන්නා ලෙසද එම නියෝගයේ සඳහන්.

හම්බන්තොට වන අලි කළමනාකරණ කලාපයට අලි ඇතුන් පලවා හැරීමේ වැඩසටහනට සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හා පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය අද (20) නිකුත් කරනු ලැබුවා.

මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී. නවාස් සහ කුමුදුනි වික්‍රමසිංහ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් හම්බන්තොට වන අලි කළමනාකරන රක්ෂිත කලාපය තුළ ප්‍රමාණවත් ඉඩ පහසුකම් සහ අලි ඇතුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් නොමැතිව එම ප්‍රදේශය තුළට අලි පලවා හැරීමට ගන්නා ක්‍රියාමාර්ගය තුළින් කිසිදු ප්‍රයෝජනයක් අත් නොවන බව සඳහන් කළා.

මෙම රක්ෂිත කලාපය සඳහා බිම් හෙක්ටයාර 23,000ක් පමණ වෙන් කර තිබුණත් එය පාලනය විය යුතු ආකාරය පිළිබඳව නීත්‍යානුකූල නියමයන් නිකුත් වී නොතිබීම නිසා අර්බුදකාරී තත්ත්වයක් මතු වී ඇතැයි පෙන්වා දුන් නීතිඥවරයා, මෙම තත්ත්වය හේතුවෙන් අලි මිනිස් ගැටුම උත්සන්න වී ඇති බව ද පවසා සිටියා.

මෙම කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එම වන අලි සංරක්ෂණ කලාපය පාලනයවන ආකාරය පිළිබඳ දැක්වෙන රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරන ලෙස අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින වනජීවී අමාත්‍යවරයා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු වග උත්තරකරුවන් පිරිසකට නියම කළා.

එමෙන්ම හම්බන්තොට වන අලි සංරක්ෂණ කලාපයට අලි ඇතුන් පලවා හැරීමේ වැඩපිළිවෙල මහජනතාවට සහ වන අලි ඇතුන්ට අනතුරක් සිදු නොවන ආකාරයෙන් සිදුවිය යුතු බවත්, නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර එය විධිමත්ව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත්, මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ශවකරුවන්ට උපදෙස් ලබා දුන්නා.

මෙම නඩුකරය ඉදිරි කටයුතු සලකා බැලීම සඳහා ලබන මාර්තු මස 13 වැනිදා කැඳවීමට ද නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරන්දෙණිය සුද්දාගේ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ සෙට් එකට වැඩ වරදියි
01:38
Video thumbnail
ධීවර යාත්‍රාවක් පෙ#ළී තරුණයන් දෙදෙනෙකු අතුරුදහන්..ගම්මු සිදුවූ සියල්ල හෙළිකරයි
04:01
Video thumbnail
ඩෝබිලා, පොල්ලෙලි, පාපිසිවලට ළඟදිම තේරෙයි මේක..ගල් අඟුරු හත්පොලේ ගාගෙන තටබනවා
02:16
Video thumbnail
ජනපතිගේ වීඩියෝවක් පෙන්වලා සුජීව සැරටම කිව්ව දේ.."තහඩුවක් ගියත් ලක්ෂ 10යි"මෙයාලා කයිය නායකලා
04:40
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බැහැලා
00:36
Video thumbnail
අද නම් ලේසි වෙන්නේ නැතිවෙයි මැච් එක..මාලිංග ගේමට බහියි
00:58
Video thumbnail
ලක්ෂ 30ක මත්කරල් තොගයක් සමඟ අඹුසැමි යුවලක් ඇතුළු තිදෙනෙක් කොටු
01:28
Video thumbnail
පොලු අරන් කඩේ කු#ඩු කරපු චණ්ඩියා මෙන්න..කඩ හිමියන් බයවෙලා කෑගහයි.."අනේ මල්ලි චුට්ටක් එන්නකෝ.."
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41