හම්බන්තොට ලුණු ලේවායේ ට්‍රැක්ටර් රථයක් පෙරළී රියදුරු මරුට

හම්බන්තොට ලුණු ලේවාය පරිශ්‍රයේ ට්‍රැක්ටර් රථයක් අනතුරට ලක්ව එහි රියදුරු මියගොස් තිබෙනවා.

ලුණු පාත්තිවල සිට ලුණු ප්‍රවාහනය කරනු ලබන ට්‍රැක්ටර් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද (25) උදෑසන ලේවායේ ඇලකට පෙරළී ගොස් මේ අනතුර සිදුව ඇති බවයි වාර්තා වුණේ.

එහිදී ට්‍රැක්ටර් රථයට යටවී එහි රියදුරු මියගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ හම්බන්තොට, බඳගිරිය ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තිදරු පියෙක්.

හම්බන්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?