හම්බන්තොට කුරුළු උද්‍යානයේ කළමනාකරු සහ ගබඩා භාරකරු රිමාන්ඩ්

හම්බන්තොට කුරුළු උද්‍යාන ගබඩාවේ තිබී සොයාගත් නීති විරෝධීව මෙරටට ආනයනය කළ යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් දෙදෙනා ජූලි 25 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකරුවන් දෙදෙනා අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

කුරුළු උද්‍යානයේ කළමනාකරු සහ ගබඩා භාරකරු මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන්ට විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබුවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත හම්බන්තොට, නාගරවැව කුරුළු උයන පරිශ්‍රයේ ඊයේ (12) සිදුකළ මෙහෙයුමක දී කුරුළු ආහාර ගබඩාවේ සඟවා තිබිය දී මෙරටට ආනයනය කිරීමට තහනම් විදෙස් රටවල නිෂ්පාදිත යතුරුපැදි 21ක් විසින් සොයා ගැණුනා.

මෙහිදී කුරුළු උයන පරිශ්‍රයේ නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා පැල 04ක් ද පොලිසිය විසින් සොයාගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?