හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවකින් නීති විරෝධීව ගෙන්වූ සුපිරි යතුරුපැදි තොගයක් සොයාගැනේ (ඡායාරූප)

හම්බන්තොට කුරුළු උද්‍යානයේ ගබඩාවක් තුළ තිබී සුඛෝපභෝගී හාර්ලි-ඩේවිඩ්සන් යතුරුපැදි ඇතුළුව නීතිවිරෝධී ලෙස ආනයනය කරන ලද යතුරුපැදි 21ක් සොයාගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරක් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම යතුරුපැදි අද (12) දිනයේ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සියලුම යතුරුපැදිවල මුළු වටිනාකම රුපියල් කෝටි එක හමාර ඉක්මවනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කුරුළු උද්‍යානයේ කළමනාකරු සහ ගබඩා පාලකවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් වයස අවුරුදු 40 සහ 50 යන වයස්වල පසුවන මිද්දෙණිය සහ මාතර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
11
+1
7
+1
44
+1
3
+1
7
+1
2
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?