මෙරට ඇතිව ඇති ඉන්ධන ගැටළුවත් සමඟ හම්බන්තොට වරායට පැමිණෙන නැව් සඳහා අවශ්‍ය ඉන්ධන ලබාදීමේ ගැටලුවක් මතුව ඇතැයි ආරංචි වනවා.හම්බන්තොට වරාය පරිශ්‍රයේ දෛනිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් අසූදහසක් ගබඩා කළ හැකි බන්කරින් ටර්මිනල් එකක් තිබුණත් ඉන්ධන ගෙන්වීමේ බලපත්‍රය නිසි පරිදි නොලැබීම නිසා මෙම තත්ත්වය උද්ගතවී ඇති බවත් එම දේශපාලන ආරංචි මාර්ග පවසයි.
හම්බන්තොට වරායට නැව් නොපැමිණෙන්නේ මෙම ඉන්ධන ලබාදීමේදී මතුව ඇති ගැටලුව නිසා විය හැකි බවයි එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ඉතා ලාබදායී වෙළෙඳාමක් වන නැව් සඳහා තෙල් සැපයීම අවුරුද්දකට මෙටි්‍රක් ටොන් අටලක්‍ෂය ඉක්මවා යන්න නොහැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට සමගාමීව නැගී සිටි සිංගප්පූරුව අද වන විට නැව්වලට වාර්ෂිකව ඉන්ධන මෙටි්‍රක් ටොන් මිලියන 48ක් සැපයීම තෙක් ඔවුන්ගේ වෙළෙඳපොළ පුළුල් කර ගෙන තිබේ.




