හන්තාන කන්ද නැග්ග පිරිසකට බඹර ප්‍රහාරයක් – අතරමංව සිටි පිරිස බේරගන්න මෙහෙයුමක්

හන්තාන කන්ද තරණය කරමින් සිටි තරුණ පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව අතරමංව සිටිය දී පොලිසිය සහ යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමක දී මුදාගැනීමට හැකිව තිබෙනවා.

එහිදී බඹර ප්‍රහාරයට ලක්ව අසාධ්‍යව සිටි තරුණයන් තිදෙනෙක් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

කොළඹ ප්‍රදේශයේ අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුන්පිරිසක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ඊයේ (18) පෙරවරුවේ හන්තාන කන්ද තරණය කර ඇති අතර, කන්ද ඉහළම කොටසේ සම්ප්‍රේක්ෂණ කුළුණු ආසන්නයේ දී ඔවුන් බඹර ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

බඹරුන්ගේ ප්‍රහාරවලින් බේරීම සඳහා කන්දේ ඒ මේ අත දිවයාමෙන් අධික මීදුමත් වර්ෂාවත් හේතුවෙන් ඔවුන් කන්ද තුළ අතරමං වී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට සිදුවීම දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය සහ හමුදාව එක්ව ඔවුන්ව සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

දීර්ඝ සෝදිසි මෙහෙයුමකින් අනතුරුව රාත්‍රී 9.00ට පමණ හන්තාන ඉහළම කොටසේ සම්ප්‍රේෂණ කුළුණු ආසන්නයේ සිටියදී ඔවුන් සොයාගත් බව පොලිසිය පැවසුවේ.

එලෙස සොයාගත් පිරිස අතර බඹර ප්‍රහාරයෙන් අසාධ්‍යව සිටි තිදෙනෙකු රෝහල් ගත කිරීමටයි කටයුතු කර තිබුණේ.
.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?