හන්තාන කන්ද තරණය කළ සිසුන් අටක් අතරමං වෙයි – සිසුන් සොයා මහ රෑ මෙහෙයුමක් (ඡායාරූප)

මහනුවර, හන්තාන කන්ද තරණය කළ සිසුන් පිරිසක් අතරින් සිසුන් 98 දෙනෙකු අතරමංව තිබෙනවා.

එලෙස අතරමං වූ සිසුන් අටදෙනා මුදාගැනීමට ආරක්ෂක අංශ වෙත අද (29) අලුයම් කාලයේ හැකියාව ලැබී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (28) දින හන්තාන කන්ද තරණය කර ඇති මෙම සිසුන් පිරිස යළි කන්දෙන් බසින අවස්ථාවේ දී වර්ෂාව හැරගෙන තිබෙනවා.

එම අවස්ථාවේ කණ්ඩායමේ සිටි සිසුන් අටදෙනෙකු මාර්ගය වැරදී කන්දේ අතරමංව ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සදහන් කළේ.

කණ්ඩායමේ සිටි අනෙකුත් පිරිස විසින් අතරමං වූ සිසුන්ගේ මව්පියන්ට ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර, පසුව එම මව්පියන් සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ දැනුම්වත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී මන්ත්‍රීවරයා සිද්ධිය පිළිබඳව අදාළ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව තලාතුඔය පොලිසියේ නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් එක්ව අතරමං වූ සිසුන් සොයා ඊයේ (28) රාත්‍රියේම හන්තාන කන්දේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

එම මෙහෙයුම්වල දී අද (29) අලුයම දෙකට පමණ මෙම සිසුන් පිරිස සිටින ස්ථානය සොයාගැනීමට සමත්ව ඇති අතර, ඔවුන්ව අලුයම 4.00ට පමණ කන්දෙන් පහළට රැගෙන ඒමට මෙහෙයුමට එක් වූ ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණු බවයි වාර්තා වුණේ.

එලෙස මුදාගත් සිසුන් අටදෙනා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමටයි පසුව කටයුතු කර ඇත්තේ.

මෙලෙස හන්තාන කන්දේ අතරමංව ඇත්තේතලාතුඔය, රටේමුල්ලේ ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
10
+1
0
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53