හන්තාන කන්ද තරණය කළ සිසුන් අටක් අතරමං වෙයි – සිසුන් සොයා මහ රෑ මෙහෙයුමක් (ඡායාරූප)

මහනුවර, හන්තාන කන්ද තරණය කළ සිසුන් පිරිසක් අතරින් සිසුන් 98 දෙනෙකු අතරමංව තිබෙනවා.

එලෙස අතරමං වූ සිසුන් අටදෙනා මුදාගැනීමට ආරක්ෂක අංශ වෙත අද (29) අලුයම් කාලයේ හැකියාව ලැබී ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ඊයේ (28) දින හන්තාන කන්ද තරණය කර ඇති මෙම සිසුන් පිරිස යළි කන්දෙන් බසින අවස්ථාවේ දී වර්ෂාව හැරගෙන තිබෙනවා.

එම අවස්ථාවේ කණ්ඩායමේ සිටි සිසුන් අටදෙනෙකු මාර්ගය වැරදී කන්දේ අතරමංව ඇති බවයි දසත නිවුස් වාර්තාකරු සදහන් කළේ.

කණ්ඩායමේ සිටි අනෙකුත් පිරිස විසින් අතරමං වූ සිසුන්ගේ මව්පියන්ට ඒ පිළිබඳව දැනුම්දී ඇති අතර, පසුව එම මව්පියන් සිද්ධිය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ දැනුම්වත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

එහිදී මන්ත්‍රීවරයා සිද්ධිය පිළිබඳව අදාළ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

පසුව තලාතුඔය පොලිසියේ නිලධාරීන් සහ හමුදා සාමාජිකයින් එක්ව අතරමං වූ සිසුන් සොයා ඊයේ (28) රාත්‍රියේම හන්තාන කන්දේ මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

එම මෙහෙයුම්වල දී අද (29) අලුයම දෙකට පමණ මෙම සිසුන් පිරිස සිටින ස්ථානය සොයාගැනීමට සමත්ව ඇති අතර, ඔවුන්ව අලුයම 4.00ට පමණ කන්දෙන් පහළට රැගෙන ඒමට මෙහෙයුමට එක් වූ ආරක්ෂක අංශවලට හැකියාව ලැබුණු බවයි වාර්තා වුණේ.

එලෙස මුදාගත් සිසුන් අටදෙනා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමටයි පසුව කටයුතු කර ඇත්තේ.

මෙලෙස හන්තාන කන්දේ අතරමංව ඇත්තේතලාතුඔය, රටේමුල්ලේ ප්‍රදේශයේ පදිංචි සිසුන් පිරිසක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
10
+1
0
+1
1
+1
3
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?