හන්තානේ අතරමංවූ සිසුන් 180 හමුවෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටි රාගම වෛද්‍ය පීඨයේ සිසුන් 180 දෙනෙකු බේරාගෙන තිබෙනවා.

ඒ යුද හමුදාව සහ පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

සිසුන් 60ක් සහ සිසුවියන් 120ක් මෙම කණ්ඩායමට අයත් අතර පැය 06ක පමණ මෙහෙයුමකින් පසුවයි මෙම පිරිස බේරා ගෙන ඇත්තේ.

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් රාගම වෛද්‍ය පීඨයේ වෛද්‍ය සිසු සිසුවියන් 180 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ හන්තාන කඳුවැටියේ අතරමංව සිටියා.

අයහපත් කාලගුණය හේතුවෙන් අතරමං වූ සිසුන් සමඟ කිසිදු සන්නිවේදනයක් ස්ථාපිත කරගැනීමට නොහැකිව තිබූ අතර පසුව ඔවුන් සම්බන්ධ කර ගැනීමට හැකිව තිබුණා. ඒ අනුවයි පොලිසිය සහ යුද හමුදාව එක්ව ඔවුන් මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කළේ.

බේරා ගත් පිරිස අතරින් සිසුන් හතර දෙනෙකු අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ බැවින් ඔවුන් මහනුවර ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අධික සීතලට ඔරොත්තු නොදීම, කම්පනය, කූඩැල්ලන් කෑම, සෙම්ප්‍රතිශ්‍යාව වැනි තත්වයන්ගෙන් පෙළෙන ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව සඳහන්.

මේ දිනවල අධික වර්ෂාව සහ පවතින මීදුම් තත්ත්වය හේතුවෙන් නුපුරුදු පිරිස් අනාරක්ෂිතව හන්තාන කන්ද තරණය කිරීමට යාමෙන් වළකින ලෙසට සහ පළපුරුදු මග පෙන්වන්නන් ගේ සහාය ලබාගත යුතු බවයි පොලිසිය දැනුම් දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
2
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?