හදිසි වාහන පරීක්ෂාවකින් රථ 49කට එරෙහි ව රතු එළි

හදිසියේ රථ වාහන පරීක්ෂා කිරීමේ මෙහෙයුමක් අද පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මෝටර් රථ ප්‍රවාහන කාර්‍යාලයේ රථ වාහන පරීක්ෂකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ අනුව හපුතලේ නගරයේ සියලු ම රථ වාහන පරීක්ෂා කිරීමටයි පියවර ගැනුණේ.

එම පරීක්ෂාවේ දී තීරණය කෙරුණේ වාහන 49ක් මාර්ගයේ ධාවනය කිරීම තහනම් කිරීමට පියවර ගැනීම කඩිනම් කළ යුතු බවයි.

මෙම පරීක්ෂාවේ දී ව්‍යාජ බර වාහන බලපත්‍රයක් තම සන්තකයේ තබා සිටි රියෙදුරෙක් සහ ඔහු පැමිණි බර වාහනය ද අත්අඩංගුවට ගත් බව හපුතලේ පොලිසියේ රථවාහන අංශ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?