හදාවඩා ගැනීමට ගත් දරුවකු වසර 5ක් තිස්සේ අපයෝජනය කරලා

පියාට හදාවඩා ගැනීමට නොහැකිව අගහිඟකම් හේතුවෙන් වෙනත් පුද්ගලයකුට භාරදුන් පිරිමි දරුවකු කාලයක් තිස්සේ අපයෝජනය කළ පුද්ගලයෙක් ව තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම දරුවා 16 හැවිරිදි වියෙහි පසුවන අතර, ඔහුගේ මිතුරෙකුද අදාළ පුද්ගලයා විසින් අපයෝජනයට ලක්කිරීමට උත්සාහ දරා ඇත.

අපයෝජනයට ලක්වූ දරුවා පුත්තලම, මදුරන්කුලියේ පදිංචි ව සිටින විට මීට වසර 8කට පමණ පෙර ඔහුගේ මව පවුල හැරගොස් තිබිණ.

පසුව දරුවාව අධ්‍යාපනය ලබාදී හදා වඩා ගැනීම සඳහා තලවතුගොඩ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙකුට පියා සිය මිතුරෙකුගේ අනුදැනුම අනුව එම පුද්ගලයට භාරදී ඇත.

ඒ අතර තවත් දරුවෙකු සොයාදෙන ලෙස තලවතුගොඩ පදිංචි පුද්ගලයා කළ ඉල්ලීම අනුව මදුරන්කුලියේ තම මිතුරෙකුගේ වයස අවුරුදු 14ක් වන තවත් පිරිමි දරුවෙක්ව එම පුද්ගලයාට භාරදීමට ඔවුන් කටයුතු කර තිබේ.

නමුත් එම දෙවනුවට භාරදුන් දරුවා එම පුද්ගලයාගෙන් මිදී පලාඒමට සමත්වී ඇත.

දෙවන දරුවා පැමිණීමට ප්‍රථම පළමුව භාර දුන් දරුවා තමන්ට විඳීමට සිදුවන ලිංගික රහසිගතව පටිගත කර දෙවැනි දරුවාගේ ජංගම දුරකථනයට යොමු කර තිබුණි.

දරුවාට සිදුවූ අතවරය පිළිබඳව දරුවාගේ පියා ඊයේ (15) තලංගම පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අතර, දරුවා සහ භාරකරු ඒ අනුව පොලිසියට කැඳවා ඇත.

ඒ අනුව වසර 5ක පමණ කාලයක් මෙම දරුවා රඳවා තබා ගනිමින් අපයෝජනය කළ බව පැවසෙන 50 හැවිරිදි පුද්ගලයා අත්අඩංගුවට ගෙන අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට තලංගම පොලීසිය කටයුතු කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?