හතුරුසිංහට එරෙහි විමර්ශන ඇරඹීමටත් කලින් ෆිල් සිමන්ස්ව බංග්ලාදේශට කැඳවලා

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණු චන්දික හතුරුසිංහගේ වැඩ තහනම් කිරීමෙන් දින දෙකකට පසු ඔහුව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.

හතුරුසිංහව එලෙස අදාළ තනතුරින් නෙරපා හැරීමට හේතු ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ විෂමාචාරය සහ රැකියා කොන්දේසි කඩකිරීම යන කරුණු මත ඔහුව සේවයෙන් පහ කිරීම සිදුව බවයි.

එම විෂමාචාරය සහ රැකියා කොන්දේසි කඩකිරීමවලට හේතු ලෙස ඔවුන් දක්වා සිටියේ හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පහර දී ඇති බවයි.

එලෙස පහර කෑ ක්‍රීඩකයා කවුරුන් ද යන්න පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අනවරණට නොකළත් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නසුම් අහමඩ් එලෙස පහර කෑමට ලක්වූ ක්‍රීඩකයා බවයි.

එමෙන්ම කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණයට වඩා වැඩි නිවාඩුවක් ලබා ගනිමින් හතුරුසිංහ රැකියා කොන්දේසි කඩකිරීමක් ද සිදුකර ඇති බවය චෝදනා කරනවා.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් අඟහරුවාදා ප්‍රකාශ කළේ හතුරුසිංහට විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන්
පැහැදිලි කිරීමක් ඉල්ලා මණ්ඩලය හේතු දැක්වීමේ නොතීසියක් නිකුත් කාලා බවයි.

ඊට පසුදිනම හතුරුසිංහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ අතර, එය සමාලෝචනය කිරීමට හදිසි ඊයේ මණ්ඩල රැස්වීමක් කඩවීමෙන් පසු චන්දික හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමේ තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ පිලේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස කොදෙව් ජාතික ෆිල් සිමන්ස් පත්කර ඇති අතර, හතුරුසිංහට එරෙහිව විමර්ශන ඇරඹීමටත් පෙර ඔහු බංග්ලාදේශයට කැඳවා තිබීම ද විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?