හතුරුසිංහට එරෙහි විමර්ශන ඇරඹීමටත් කලින් ෆිල් සිමන්ස්ව බංග්ලාදේශට කැඳවලා

බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණු චන්දික හතුරුසිංහගේ වැඩ තහනම් කිරීමෙන් දින දෙකකට පසු ඔහුව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කරනු ලැබුවා.

හතුරුසිංහව එලෙස අදාළ තනතුරින් නෙරපා හැරීමට හේතු ලෙස බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය පවසන්නේ විෂමාචාරය සහ රැකියා කොන්දේසි කඩකිරීම යන කරුණු මත ඔහුව සේවයෙන් පහ කිරීම සිදුව බවයි.

එම විෂමාචාරය සහ රැකියා කොන්දේසි කඩකිරීමවලට හේතු ලෙස ඔවුන් දක්වා සිටියේ හතුරුසිංහ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට පහර දී ඇති බවයි.

එලෙස පහර කෑ ක්‍රීඩකයා කවුරුන් ද යන්න පිළිබඳව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය අනවරණට නොකළත් විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නසුම් අහමඩ් එලෙස පහර කෑමට ලක්වූ ක්‍රීඩකයා බවයි.

එමෙන්ම කොන්ත්‍රාත්තුවේ සඳහන් ප්‍රමාණයට වඩා වැඩි නිවාඩුවක් ලබා ගනිමින් හතුරුසිංහ රැකියා කොන්දේසි කඩකිරීමක් ද සිදුකර ඇති බවය චෝදනා කරනවා.

බංග්ලාදේශ ක්‍රිකට් සභාපති ෆාරුක් අහමඩ් අඟහරුවාදා ප්‍රකාශ කළේ හතුරුසිංහට විනය විරෝධී හැසිරීම් සම්බන්ධයෙන්
පැහැදිලි කිරීමක් ඉල්ලා මණ්ඩලය හේතු දැක්වීමේ නොතීසියක් නිකුත් කාලා බවයි.

ඊට පසුදිනම හතුරුසිංහ ඒ සඳහා ප්‍රතිචාර දැක්වූ අතර, එය සමාලෝචනය කිරීමට හදිසි ඊයේ මණ්ඩල රැස්වීමක් කඩවීමෙන් පසු චන්දික හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමේ තිබෙනවා.

මේ අතර බංග්ලාදේශ පිලේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස කොදෙව් ජාතික ෆිල් සිමන්ස් පත්කර ඇති අතර, හතුරුසිංහට එරෙහිව විමර්ශන ඇරඹීමටත් පෙර ඔහු බංග්ලාදේශයට කැඳවා තිබීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිනාවෙලා ජොලියෙන් ඉන්නකෝ අප්පා - චාමර සම්පත් ජනාධිපතිතුමාට කියයි
02:00
Video thumbnail
ආණ්ඩුවට උත්තරත් නෑ, කට උත්තරත් නෑ
07:17
Video thumbnail
අළුගෝසු ව්‍යවස්ථා සංශෝධනය අපි ප්‍රතික්ෂේප කරනවා
02:00
Video thumbnail
අනියම් බිරිඳ එක්ක මාතර ඇවිත් කාටත් හොරා කළ මහා පරිමාණ ජාවාරම - කුලී නිවසේ සුඛෝපභෝගීව කරපු දේ
02:21
Video thumbnail
පට්ට බොරුකාරයෙක් මේ ඉන්නේ
09:28
Video thumbnail
අපි එකාධිපති ගමනකට යන්නේ නෑ - 22 රටට අත්‍යවශ්‍යයි
02:32
Video thumbnail
විපක්ෂය වතුර වීදුරුවේ කිඹුල්ලු මැව්වා - ශ්‍රේෂ්ඨාධිකරණයෙන් හොඳ උත්තරයක් දුන්නා
04:02
Video thumbnail
බට්න් එක ඔබපු ගමන් නර්ස් නෝනෙක් ගෙදරට..
00:24
Video thumbnail
පාස්කු නඩුව ගැන පොහොට්ටුවෙන් කිව්ව දේ - හිතාමතා මෙහි සත්‍ය යටපත් කරනවා ?
05:53
Video thumbnail
මේ ආණ්ඩුව පෙරළන්නේ සජබය - මරික්කාර් 159යේ මුහුණටම කියයි
05:45