හත් දෙනෙකුට ජීවිතය දී අකාලයේ මිලින වූ විහඟනා දියණියගේ අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 මාර්තු 23 පල වූ පුවත –

මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි පාසල් සිසුවියකගේ හදවත සහ පෙනහළු දෙකයි.

ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු මෙලෙස බද්ධ කර ඇත්තේ හදවත සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම විශේෂත්වයක්.

ඊට අමතරව 19 හැවිරිදි විහඟනාගෙන් ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව, වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ඔවුන් තිදෙනාගේ ජීවිත ද බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇයගේ ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කර ඇති අතර, ඉන් දෑස් නොපෙනෙන දෙදෙනෙකුට ලෝකය දැකීමට ඉදිරියේ දී අවස්තාව උදාවනවා.

විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි වාර්තා වන්නේ.

විහඟනා වීරසිංහ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවායි.

ඇය උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියා.

2023 සැප්තැම්බර් 04 –

මෙලෙස හත් දෙනෙකුට ජීවිතය දී අකාලයේ මිලින වූ කුරුණෑගල මලියදේව විදුහලේ ඉගෙනුම ලැබූ අඹන්පොළ විහඟන දියණියගේ අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇත.

ඇය වාණිජ අංශයෙන් A සමාර්ථ තුනක් සමගින් එම කඩඉම ද ජයගෙන ඇත.

එහෙත් එම ජය සැමරීමට ඇය අද මෙලොව නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
3
+1
3
+1
338
+1
22
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?