හත් දෙනෙකුට ජීවිතය දී අකාලයේ මිලින වූ විහඟනා දියණියගේ අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

2023 මාර්තු 23 පල වූ පුවත –

මොළය මියයෑම හේතුවෙන් මරණයට පත්වූ 19 හැවිරිදි පාසල් සිසුවියකගේ හදවත සහ පෙනහළු දෙකයි.

ඇයගෙන් ලබාගත් හදවත සහ පෙනහළු මෙලෙස බද්ධ කර ඇත්තේ හදවත සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම විශේෂත්වයක්.

ඊට අමතරව 19 හැවිරිදි විහඟනාගෙන් ලබාගත් වකුගඩු දෙක සහ අක්මාව, වකුගඩු රෝගයෙන් පෙළුණු රෝගීන් දෙදෙනකුට සහ අක්මා රෝගියකුට බද්ධකර ඔවුන් තිදෙනාගේ ජීවිත ද බේරාගැනීමට වෛද්‍යවරුන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සිසුවිය ජීවතුන් අතර සිටියදී ලබාදුන් පොරොන්දු පත්‍රයක් අනුව ඇයගේ ඇස් දෙක ද ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට පරිත්‍යාග කර ඇති අතර, ඉන් දෑස් නොපෙනෙන දෙදෙනෙකුට ලෝකය දැකීමට ඉදිරියේ දී අවස්තාව උදාවනවා.

විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි වාර්තා වන්නේ.

විහඟනා වීරසිංහ අඹන්පොල ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවායි.

ඇය උසස් පෙළ වාණිජ විෂය ධාරාව ඉංග්‍රිසි මාධ්‍යයෙන් හදාරා ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටියා.

2023 සැප්තැම්බර් 04 –

මෙලෙස හත් දෙනෙකුට ජීවිතය දී අකාලයේ මිලින වූ කුරුණෑගල මලියදේව විදුහලේ ඉගෙනුම ලැබූ අඹන්පොළ විහඟන දියණියගේ අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී ඇත.

ඇය වාණිජ අංශයෙන් A සමාර්ථ තුනක් සමගින් එම කඩඉම ද ජයගෙන ඇත.

එහෙත් එම ජය සැමරීමට ඇය අද මෙලොව නැත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
8
+1
3
+1
3
+1
338
+1
22
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34