AFC Banner
Empty Ad
Empty Ad

හංවැල්ලේ දේශපාලන පාක්ෂිකයින් දෙපිරිසක් අතර ගැටුමක්

හංවැල්ල, ඉරිදා පොළ ප්‍රදේශයේ දී සමගි ජන බලවේගයේ සමාජිකයෙකුට ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් පිරිසක් විසින් සිදුකල පහරදීමකින් තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි හෝමාගම රෝහල් පොලිසිය පවසනවා.

ජාතික ජන බලවේගයේ පෝස්ටර්යක් ගැල වූ බවට පවසමින් ඔහුගේ නිවස අසළට පැමිණි ජාතික ජන බලවේගයේ පාක්ෂිකයින් පිරිසක් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් සිටිය දී ඒ පිළිබඳව විමසීමට ගිය තම පියාට එම පාක්ෂිකයින් පහරදීමට තැත් කිරීම නිසාවෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ දී තමන්ගේ හිසට මුගුරකින් පහර දීම සිදුකල බවයි තුවාල කරු පවසන ලද්දේ.

තුවාලකරුගේ හිසට සිදු වී ඇති තුවාල හේතුවෙන් ශල්‍යකර්මයක් සිදුකර ඇති අතර හෝමාගම මූලික රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර ඇත්තේ, ඔහු මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
5
+1
2
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?