සෞදි අරාබි තානාපතිවරයා කතානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා (29) පාර්ලිමේන්තුවේදී හමුවුණා.

සෞදි අරාබියේ වැඩිම වැටුප් ලබන විදෙස් ශ්‍රමිකයන් අතර ලාංකිකයන් බහුතරයක් සිටින බව තානාපතිවරයා මෙහිදී පැවසීය. තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෞදි අරාබිය තුළ පුහුණු ශ්‍රමිකයන්ට අවස්ථා රැසක් පවතින බැවින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට යෝජනා කළ බවයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඉදිරි ආයෝජන සහ රැකියා අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. සෞදි අරාබිය ශ්‍රී ලංකාවට ලබාදෙන නිරන්තර සහය අගය කළ කථානායකවරයා, එම මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ පාරේ කරාතේ පෙන්නූ ජනප්‍රිය උපකාර පන්ති ගුරුවරයා
01:23
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:10
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15


?