සෞදි අරාබි තානාපතිවරයා කතානායකවරයා හමුවෙයි

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා (29) පාර්ලිමේන්තුවේදී හමුවුණා.

සෞදි අරාබියේ වැඩිම වැටුප් ලබන විදෙස් ශ්‍රමිකයන් අතර ලාංකිකයන් බහුතරයක් සිටින බව තානාපතිවරයා මෙහිදී පැවසීය. තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෞදි අරාබිය තුළ පුහුණු ශ්‍රමිකයන්ට අවස්ථා රැසක් පවතින බැවින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාට යෝජනා කළ බවයි.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර ඉදිරි ආයෝජන සහ රැකියා අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. සෞදි අරාබිය ශ්‍රී ලංකාවට ලබාදෙන නිරන්තර සහය අගය කළ කථානායකවරයා, එම මිත්‍රත්වය තවදුරටත් වැඩිදියුණු කරගැනීමට අපේක්ෂා කරන බවද පැවසීය.

පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ණය ප්‍රශ්නයකට කඩේ කු#ඩු කරපු චණ්ඩියා..වරෙන් එළියට..වරෙන්..මම ඇතුළට එන්නද?
01:22
Video thumbnail
කිරෙන්වත් හෝදලා මේ වංචාව වහගන්න බැරිවෙයි l Mahinda Amaraweera
02:30
Video thumbnail
ආරවුලක් දුරදිග ගිහින් පියා, දියණියගේ අනියම් සැමියාව එළොව යවලා
00:41
Video thumbnail
සෝමරතන හිමිගෙන් තිස්ස කුට්ටිට සැර සත්තමක්..කාදිනල් හිමිට පාරට බහින්න කියන්න කවුද ඔයා ?
07:39
Video thumbnail
සඳාගේ පොඩි එකා ඇඟිල්ලක් පෙන්නලා..අපේ කොල්ලා ඒ මොකක්ද අහපුවම ග#ලා
03:50
Video thumbnail
චීන අයියා පොලිසියෙන් ගේම ඉල්ලයි
00:49
Video thumbnail
වැල්ලවායේ දැඩි උණුසුම් තත්ත්වයක්..ආණ්ඩුව හොඳයි උගේ අම්මගේ රෙද්ද
00:51
Video thumbnail
පාස්කු මහමොළකරු ගැන පාඨලී කිව්ව දේ..ත්‍ර#තවාදීන් පරාද කරපු අය වෙන නඩුවලින් ඇතුළට දානවද ?
03:11
Video thumbnail
Kasthirama | " බාල ද නැද්ද ? " තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:46
Video thumbnail
මඟ නොහැර අද හවසට අහස බලන්න..ග්‍රහලෝක 6ක්ම අද බලන්න පුළුවන්
02:32