Update – ඉරානයට එල්ල වූ ප්‍රහාර හමුවේ ඉරාකය ගුවන් කලාපය වසා දමයි – පළිගැනීමට සූදානම් බවට ඉරානය කියයි

ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් පසු ඉරාකය ද සිය ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඉරාක ප්‍රවාහන අමාත්‍යාංශය පවසන්නේ ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් පසු තම ජාතික ගුවන් කලාපය වසා දැමූ බවයි.

මේ අතර ඊශ්‍රායලය විසින් අද (28) උදෑසන ඉරානයට එල්ල කළමිසයිල ප්‍රහාරවලින් පසු ඊශ්‍රායලය සිවිල් ගුවන් ගමන් සඳහා තම ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කළ අතර, ඉරානයට ද සිය ගුවන් කලාපය වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ඉරානය පුරා විවිධ නගරවල පිපිරීම් ඇසුනු බවයි.

කර්මන්ෂා, ලොරෙස්ටාන්, ටැබ්‍රිස්, ඉස්ෆහාන් සහ කරාජ් යන නගරවල ද පිපිරීම් වාර්තා වී ඇති බව දේශීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

ඊශ්‍රායලය එල්ල කළ මෙම ප්‍රහාරවලින් පසු ඉරානය පළිගැනීමට සූදානම් බවත්, ප්‍රතිචාරය දැඩි වනු ඇතැයි ඉරාන නිලධාරියෙක් රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය ඉරානයට සිදුකළ පහරදීම වලට එක්සත් ජනපදය ද සහභාගී වූ බව ඇමරිකානු නිලධාරියෙක් විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43