සෞදියේදී හිංසනවලට ලක්වූ කාන්තාවක් යළි මව් රටට

සෞදි අරාබියේ රැකියාවක් සඳහා ගොස් විවිධ වද හිංසනවලට ලක්වූ ශ්‍රී ලාංකික කාන්තාවක් අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළින් යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඇය සෞදි අරාබියේ සිට කුවේට් වෙත එවා එතැන් සිට අල් ජසීරා ගුවන් සේවයේ J- 9553 දරන ගුවන් යානයෙනුයි අද අලුයම 04.25ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇත්තේ.

ඇය මතුගම, නෑබඩ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි රාමචන්ද්‍රන් දර්ශනී නැමැති තිදරු මවක්.

ගුවන් තොටුපොළේදී එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම කාන්තාව,

මම සැප්තැම්බර් 17 වනදා සෞදි අරාබියේ මදීනා වල නිවෙසක ගෘහ සේවය සදහා ගියා. ඒ ගෙදර වැඩ කළ සේවිකාව පැනල ගිහිල්ලා. එයාගෙ රෙදි බෑග් සේරම ඒ ගෙදර තිබුණා. ඒ ගෙදර අයිති කාන්තාව මට හැමදාම ගැහුවා, බැන්නා, පිච්චුවා. ඒත් මම ඒ ගෙදර වැඩ කළා. ඒ ගෙදර පිරිමි ළමයා නාන්න ගිහින් ෂැම්පු හලලා. මම බාත් රූම් එක හෝදන්න ගියාම ඒවා පෑගිල මාව ලිස්සල වැටුනා. ඒ වෙලේ මගේ කොන්දයි ඔලුවයි බිම වැදුනා. මට අමාරුයි වැඩ කරන්න බෑ කිව්වා. බාබා යනකල් ඉඳල , ඒ ගෙදර කාන්තාව මට ගහල කාමරේකට දාල වැහුවා. ඊට පස්සෙ තමයි මාව වොෂින් මැෂින් රූම් එකට අරන් ගිහින් ඇණ ගිල්ලුවෙ. මාව වොෂින් මැෂින් රූම් එකට ඇදන් ගිහින් මට ගහල, බිම දාල පාගල ස්කුරුප්පු ඇණ දෙකක් සහ යකඩ බෝලයක් දුන්නා බීපන් කියලා. බිව්වෙ නැත්නම් රත්තරන් බඩු ඔක්කොම දාල පොලිසියට අල්ලල දෙනවා කියල ඒ ගෙදර ගෑණි කිව්වා. මම බිව්වා. එතකොට එක ඇණයක් මගේ උගුරෙ හිර වුණා. මට හුස්ම ගන්න බැරි වුණා. මම මේ ගැන ලංකාවෙ ඒජන්සියට කතා කරල කිව්වම, ඒකෙ හිටිය කාන්තාව මට කුණුහරුපෙන් බැනල ඒ ගෙදරට ගිහින් වැඩ කරපිය කියල කිව්වා.”

මෙම කාන්තාව නිවෙසට රැගෙන යාම සදහා ඇයගේ සැමියා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා. ඔහු වෘත්තියෙන් පොල් කඩන්නෙක් වශයෙන් කටයුතු කරන බව සඳහන්.

ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ “අපේ ගෙදර ළඟ ඉන්නවා සෞදි අරාබියේ එම්බසියේ වැඩ කරන මහත්තයෙක්. මම එයාට ගිහින් කිව්වා මේ ගැන. එයා මට දර්ශනී ඉක්මනට ගෙනත් දෙන්න උදව් කළා.” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
10
+1
5
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?