සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් යළි වර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ලබන අඟහරුවාදා (16) සිට නැවත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය කාර්යමණ්ඩලය සඳහා යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට බල කරමින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වීමටයි අද රැස්වූ සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සභාව තීරණය කර ඇත්තේ.

ඒ අනුව ලබන අගහරුවාදා උදෑසන 6.30 සිට සංකේත වර්ජනයකින් එම විරෝධතාව ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

මෙම වර්ජනය සඳහා පරිපූරක වෛද්‍ය සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ, විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්, භෞත චිකිත්සකයින්, වෘත්තීය චිකිත්සකයින්, ඖෂධවේදීන්, වාග් චිකිත්සකයින්, විකිරණ ප්‍රතිකාරවේදී, ශ්‍රවණවේදින් ඇතුළු සේවාවාන් මෙන්ම හෙද සේවාව ද එක්වීමට නියමිතයි.

අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, අක්ෂි තාක්ෂණවේදීන්, දන්ත කාර්මිකයින්, විද්‍යුත් නිකර්පන රේඛන ශිල්පීන්, විද්‍යුත් කන්තු රේඛණ ශිල්පීන්, පාසැල් දන්ත චිකිත්සකයින්, මහජන සෞඛ්‍ය රසායනාගාර ශිල්පීන්ට අදාළ සේවාවන් ද වර්ජනයේ නිරතවිමටයි සැලසුම් කර ඇත්තේ.

සෞඛ්‍ය පරිපාලන නිලධාරී සේවය, අහාර හා ඖෂධ පරීක්ෂක, මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී, සැලසුම් හා වැඩසටහන් නිලධාරී, සෞඛ්‍ය කළමනාකරණ සහකාර සේවාව, සෞඛ්‍ය ගිලන්රථ රියදුරු සේවාව, සුළු සේවා පාලක, උපස්ථායක, අරක්කැමි, දුරකථන ක්‍රියාකරු, නිවාස පාලක, රසායානාගාරා සේවා සහයක, සෞඛ්‍ය කාර්ය සහයක යන සියළු සෞඛ්‍ය සේවාවන් වෘත්තීය සමිති 72ක නායකත්වය යටතේ මෙම වර්ජනය සඳහා දායක වීමට ඒකමතිකව තීරණය කර ඇතැයි සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?