Indian Premier League

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ආරම්භ කළ වර්ජනය සම්පූර්ණයෙන්ම අසාධාරණයි – සෞඛ්‍ය ඇමති

දැනෙන සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් ලබා දී තිබිය දීත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය අද (18) රෝහල්වල දී සිදුකරන වැඩ වර්ජනය කිසිසේත්ම සාධාරණ නොවන බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

පාර්ලිමේන්තුවේ දී අද (18) අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබා ගනිමින් සිදුකරන මෙම වැඩ වර්ජනය සාධාරණ නොවන බවයි අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ.

මේ අතර මෙම අසාධාරණ වැඩ වර්ජනයට සම්බන්ධ නොවී තම රාජකාරිය ඉටුකරනු ලබන සියලුම සෞඛ්‍ය වෘත්තිකයින් ආරක්ෂා කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

එමෙන්ම තම වෘත්තියේ පවතිය සත්‍ය ගැටළු සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ඕනෑම අවස්ථාවක වේලාවක් ලබාදීමට සූදානම් බව ද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

අයවැය මඟින් දීමනා කප්පාදුවට එරෙහිව රජයේ පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය අද (18) උදෑසන 7.00 සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?