රජයේ අසාධාරණ බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය ක්ෂේත්රයේ වෘත්තිය සමිති කිහිපයක් අද (08) එක්දින වැඩ වර්ජනයක් සංවිධානය කර තිබෙනවා.
අද (08) පෙරවරු 8.00ට ආරම්භ වන මෙම වර්ජනය හේතුවෙන් රෝහල්වල බාහිර ප්‍රතිකාර, සායනික, රසායනාගාර කටයුතු ඇතුළු අනෙකුත් සේවාවන්ට බලපෑම් එල්ලවිය හැකි බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සඳහන් කරන්නේ.
මෙම ගැටළු සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා, අදාළ වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර, එහිදී සාධනීය පිළිතුරක් නොලැබුණු බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සමිති 40ක් නියෝජනය කරමින් සැදුම්ලත් වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති එකමුතුව ඊයේ (07) රැස්වී තීරණය කළේ හෙට (09) සිට වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරතවීමටයි.



