AFC Banner
AFC Banner
Empty Ad

සෞඛ්‍ය ගැටළු ගැන පැමිණිළි කරන්න මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ජිනීවා යයි

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ජිනීවා බලා පිටත්ව යාමට සුදානම් වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ජිනීවා බලා යාම සඳහා මන්ත්‍රීවරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.

ප්‍රමිතියකින් තොර බාල ඖෂධ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ මග හැර මෙරටට ගෙන්වීම, එම ඖෂධ භාවිතා කිරීම නිසා ජනතාව මරණයට පත්වීම සහ රෝගාතුර වීම මෙන්ම ඔවුන් පිළිබඳව පසුවිපරම් සිදු නොකිරීම, හදිසි මිළදී ගැනීම් යටතේ ඖෂධ මිළදී ගෙන මෙරට ක්‍රියාත්මක ඖෂධ මාෆියාව විසින් ජනතාවගේ මුදල් සොරා ගැනීම, වෛද්‍යවරුන් රට හැර යාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ උද්ගත වී ඇති ගැටළු ජිනීවා හි මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා සුදානමින් සිටිනවා.

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර වැඩසටහන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන, ආයතන සහ රටවල් කොතෙකුත් අධාර ලබා දුන්නද ඒවා දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් කොල්ලකෑම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද තමන් ජිනීවා හී දී ඉල්ලා සිටින බවයි මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කියාසිටියේ.

මීට අමතරව ජිනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ද වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම ඇතුළු ඔවුන් විවිධ තාඩන පීඩනවලට ලක් කිරීම ඇතුළු කරුණු ගණනාවක් අළලා පැමිණිළි කිරීමට ද ඔහු සූදානමින් සිටිනවා.

වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා අද රාත්‍රී 08.35ට ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයේ EK- 653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මන්ත්‍රීවරයා ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජිනීවා බලා පිටත්ව යාමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?