සෞඛ්‍ය ගැටළු ගැන පැමිණිළි කරන්න මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ජිනීවා යයි

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ උද්ගත වී ඇති සෞඛ්‍ය ගැටළු පිළිබඳව පෞද්ගලිකව කරුණු ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර ජිනීවා බලා පිටත්ව යාමට සුදානම් වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ජිනීවා බලා යාම සඳහා මන්ත්‍රීවරයා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.

ප්‍රමිතියකින් තොර බාල ඖෂධ ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශ මග හැර මෙරටට ගෙන්වීම, එම ඖෂධ භාවිතා කිරීම නිසා ජනතාව මරණයට පත්වීම සහ රෝගාතුර වීම මෙන්ම ඔවුන් පිළිබඳව පසුවිපරම් සිදු නොකිරීම, හදිසි මිළදී ගැනීම් යටතේ ඖෂධ මිළදී ගෙන මෙරට ක්‍රියාත්මක ඖෂධ මාෆියාව විසින් ජනතාවගේ මුදල් සොරා ගැනීම, වෛද්‍යවරුන් රට හැර යාම ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වර්තමානයේ උද්ගත වී ඇති ගැටළු ජිනීවා හි මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කිරීමට මන්ත්‍රීවරයා සුදානමින් සිටිනවා.

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක ආහාර වැඩසටහන සහ අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන, ආයතන සහ රටවල් කොතෙකුත් අධාර ලබා දුන්නද ඒවා දේශපාලනඥයන් සහ නිලධාරීන් විසින් කොල්ලකෑම වැලැක්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද තමන් ජිනීවා හී දී ඉල්ලා සිටින බවයි මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර කියාසිටියේ.

මීට අමතරව ජිනීවාහි අන්තර් පාර්ලිමේන්තු සංගමයට ද වත්මන් පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් විමසන ප්‍රශ්නවලට පිළිතුරු ලබා නොදීම ඇතුළු ඔවුන් විවිධ තාඩන පීඩනවලට ලක් කිරීම ඇතුළු කරුණු ගණනාවක් අළලා පැමිණිළි කිරීමට ද ඔහු සූදානමින් සිටිනවා.

වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා අද රාත්‍රී 08.35ට ඩුබායි බලා පිටත්ව යන එමිරේට්ස් ගුවන් සේවයේ EK- 653 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

මන්ත්‍රීවරයා ඩුබායි රාජ්‍ය වෙත ගොස් එතැන් සිට වෙනත් ගුවන් යානයකින් ජිනීවා බලා පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:28