සෞඛ්‍ය ඇමති ඇතුළු පිරිසකට අභියාචනාධිකරණයෙන් නියෝගයක්

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙගුලාසිවලට පටහැනි ලෙස එම අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8ක් සඳහා ලබාදී ඇති ලියාපදිංචිය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමකට අදාළ විරෝධතා ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය විසින් අද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වගඋත්තරකරුවන් පිරිසකට නියෝග කර තිබෙනවා.

එක්සත් මානව හිමිකම් සංවිධානය ක්‍රියාකාරීන් දෙදෙනකු වන දෙව්ෂාන් බුද්ධරගේ සහ ප්‍රනීතා. එන්. වර්ණකුල විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහතුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේ.

ඒ අනුව පෙත්සමට අදාළ විරෝධතා තිබේනම් ඒවා ඔක්තෝබර් මස 02 වනදා ගොනු කරන ලෙස අධිකරණය විසින් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ බලධාරීන් ඇතුළු පිරිසකට නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ යාඩීන් ලැබොරටරි පෞද්ගලික සමාගම නමැති දේශීය සමාගමක් විසින් දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ලද නිර්වින්දන, මොළය ආශ්‍රිත රෝග ඇතුළු රෝග සඳහා භාවිතා කරනු ලබන එන්නත් වර්ග 8ක් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අනුමැතිය ලබාදී ඇති බවයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ රෙගුලාසිවලට අනුව යම් ඖෂධයකට අනුමැතිය සහ ලියාපදිංචිය ලබා දීමට පෙර එය මාස හයක කාලයක් “සුපරීක්ෂණ කාලයකට” යටත් කළ යුතු වුව ද මෙම එන්නත් සඳහා අනුමැතිය දීමේ දී ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම නීතිමය ප්‍රතිපාදනය අනුගමනය කර නොමැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කළා.

ප්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය සහ භාවිත නිසා මේ වනවිට මරණ ගණනාවක් සිදු වී තවත් රෝගීන් ගණනාවක් සංකූලතාවයන්ට මුහුණ දුන් බවත් මෙම එන්නත් වර්ග වෙළෙඳ පොළට නිකුත් කිරීමෙන් ඇති විය හැකි හානිය වළක්වා ගැනීම සඳහා මෙම පෙත්සම සලකා බැලීමට කඩිනම් දිනයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිල්ශාන්ත සිරිමාන්න මහතා අධිකරණය හමුවේ ඉල්ලා තිබෙනවා.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මනෝහර ජයසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ පෙත්සම්කරුවන් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් තමා සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කළ බවත් ඔවුන් එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ගොනු කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා සති හයක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලා සිටියා.

ඉන් අනතුරුවයි අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15