තම සොයුරියගේ නිවසට පැමිණ සිටි 26 හැවිරිදි තරුණියක් එම නිවසට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි තේ වත්තක යටි කය නිරුවත්ව සිහිසුන්ව සිටිය දී හමුවී තිබෙනවා.
වැලිමඩ මිරහවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණියක් ඌව පරණගම- පල්ලේවෙල ප්‍රදේශයේ පදිංචි තම වැඩිමහල් සහෝදරියගේ නිවසට පැමිණ සිටියදී යි මෙම සිදුවීමට මුහුණදී ඇත්තේ.
ඇය ඊයේ රාත්‍රියේ නිවසේ කාමරයක නින්දට ගොස් ඇති අතර අද උදෑසන නිවැසියන් කළ සොයා බැලීමේදී තරුණිය නිවසේ නොමැති බවට හෙළිවී තිබෙනවා.
ඌව පරණගම ප්‍රදේශයේ වතු යායක තරුණියක් ඇද වැටී සිටින ආකාරය ප්‍රදේශවාසීන් දැක අති අතර ඔවුන් මේ පිළිබඳ ඌව පරණගම පොලිසිය දැනුවත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් කළ තොරතුරු සොයා බැලීමේ අනාවරණ වී ඇත්තේ ඇය පල්ලේවෙල ප්‍රදේශයෙන් අතරුදහන් වූ තරුණිය බවටයි.
තරුණිය සොයා ගන්නා අවස්ථාවේ දී ඇයගේ යටි කය නිරුවත්ව අඩ සිහියෙන් සිට ඇති අතර තමන්ට සිදු වූ කිසිදු දෙයක් මතකයේ නොමැති බව ඇය පසුව පවසා තිබෙනවා.
සිද්ධියට මුහුණ පෑ තරුණිය වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. ඇය හමු වූ ස්ථානයේ තිබී සිරින්ජරයක් ද සොයාගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.