සේවක අර්ථසාධක අරමුදල ගැන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බලන්න දින නියම වෙයි

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේදී ගෙවනු ලබන පොලිය සියයට 9 දක්වා අඩු කිරීමට රජය ගෙන තිබෙන තීරණය තුළින් එහි සාමාජික සේවක සේවිකාවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 5 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.

මෙම පෙත්සම් අද යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියාසිටියේ මෙම පෙත්සම්වලට සමාන තවත් පෙත්සමක් පසුගියදා විභාගයට නොගෙන නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළ බවයි.

මෙම පෙත්සම්වල අන්තර්ගත කරුණු ද නිෂ්ප්‍රභ කෙරුණු පෙත්සමේ කරුණුවලට සමාන බැවින් මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නා.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය සහ එහි අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ. කනගීශ්වරන් මහතා ද සඳහන් කළේ මෙම නඩුකරයට පාදක වන දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පතේ අන්තර්ගතය විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීරණය කර ඇති බවයි.

ඒ අනුව මෙම පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා තර්ක කර සිටියා.

මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජයම්පති වික්‍රමරත්න සහ සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ ඉකුත් දා නිෂ්ප්‍රභ කෙරුණු පෙත්සමට වඩා වෙනස් කරුණු තම පෙත්සම්වල අන්තර්ගතව තිබෙන බවයි.

එම නිසා තමන්ට මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවසර ලබා දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ ජනාධිපති නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා ඔක්තෝම්බර් මස 05 වනදා කැඳවන ලෙස නියෝග කළා.

කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සංගමය ඇතුළු පාර්ශව කීපයක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15