Empty Ad
AFC Banner
Empty Ad

සේරුනුවර දරුණු බස් රථ අනතුරක්

සේරුනුවර පොලිස් වසමේ සේරුනුවර – කන්තලේ මාර්ගයේ සේරුනුවර, කල්ලාර් යුද හමුදා කඳවුර ඉදිරිපිට වංගුව අසලදී මගී ප්‍රවාහන බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

කාත්තන්කුඩිය දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ මගීන් 45ක් පමණ ගමන් කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ 14 දෙනෙකු ප්‍රතිකාර සඳහා සේරුනුවර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඉන් 09 දෙනෙක් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමල රෝහල වෙත මාරුකර යවා ඇති බව සඳහන්.

පවතින අධික වර්ෂාව හේතුවෙන් බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ තිබූ ගසක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී ගොස් අද (20) අලුයම මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?