සේනා නිසා බඩ ඉරිඟු අක්කර 250ක් විනාශ වෙයි (වීඩියෝ)

නොච්චියාගම තල්ගස් වැව ප්‍රදේශයේ අක්කර 250ක බඩ ඉරිඟු වගාවක් මේ වන විට සේනා දළඹු උවදුර හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගොවීන් චෝදනා කරන්නේ දළඹු උවදුර පාලනය කිරීමට කෘෂි බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවටයි.

නොච්චියාගම තල්ගස්වැව ප්‍රදේශයේ ගොවීන් මෙවර අක්කර 250ක පමණ බඩ ඉරිඟු වගා කර තිබුණා.

මේ බඩ ඉරිඟු අස්වනු නෙළන කාලසීමාවයි. නමුත්, මින් පෙර බඩ ඉරිඟු ගස් පූදින කාල සීමාවේ පමණක් බලපෑ සේනා දළඹුවන් මේ වන විට බඩ ඉරිඟු ගස වර්ධනය වන අවස්ථාවේ දීම වගාව ආක්‍රමණය කරන බව ගොවීන් පෙන්වා දෙනවා.

බැංකු ණය ලබා ගෙන සිදු කළ වගාව මුලු මනින්ම විනාශ වීමෙන් මෙම ගොවීන් මුහුණ දී සිටිනේ බරපතල අර්බුදයකටයි.

කෘෂිකර්මාන්තය හා සම්බන්ධ නිලධාරීන් බොහෝ පිරිසක් සිටියත් තමන්ට අත්වූ සෙතක් නැතැයි ගොවීන් මැසිවිලි නගනවා.

වසර ගණනාවක සිට සේනා දළඹු උවදුර මෙරට බඩ ඉරිඟු වගාවට බලපා ඇති අතර ඉන් සිදුවන අස්වනු හානිය ඉතා ඉහළයි.

නමුත් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් සොයා ගැනීමට මෙරට කෘෂි බලධාරීන් තවමත් අපොහොසත් වී සිටිනවා.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ මෙරට බඩඉරිඟු අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ආනයනය කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?