සේනා නිසා බඩ ඉරිඟු අක්කර 250ක් විනාශ වෙයි (වීඩියෝ)

නොච්චියාගම තල්ගස් වැව ප්‍රදේශයේ අක්කර 250ක බඩ ඉරිඟු වගාවක් මේ වන විට සේනා දළඹු උවදුර හේතුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

ගොවීන් චෝදනා කරන්නේ දළඹු උවදුර පාලනය කිරීමට කෘෂි බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගන්නා බවටයි.

නොච්චියාගම තල්ගස්වැව ප්‍රදේශයේ ගොවීන් මෙවර අක්කර 250ක පමණ බඩ ඉරිඟු වගා කර තිබුණා.

මේ බඩ ඉරිඟු අස්වනු නෙළන කාලසීමාවයි. නමුත්, මින් පෙර බඩ ඉරිඟු ගස් පූදින කාල සීමාවේ පමණක් බලපෑ සේනා දළඹුවන් මේ වන විට බඩ ඉරිඟු ගස වර්ධනය වන අවස්ථාවේ දීම වගාව ආක්‍රමණය කරන බව ගොවීන් පෙන්වා දෙනවා.

බැංකු ණය ලබා ගෙන සිදු කළ වගාව මුලු මනින්ම විනාශ වීමෙන් මෙම ගොවීන් මුහුණ දී සිටිනේ බරපතල අර්බුදයකටයි.

කෘෂිකර්මාන්තය හා සම්බන්ධ නිලධාරීන් බොහෝ පිරිසක් සිටියත් තමන්ට අත්වූ සෙතක් නැතැයි ගොවීන් මැසිවිලි නගනවා.

වසර ගණනාවක සිට සේනා දළඹු උවදුර මෙරට බඩ ඉරිඟු වගාවට බලපා ඇති අතර ඉන් සිදුවන අස්වනු හානිය ඉතා ඉහළයි.

නමුත් මෙම ගැටලුවට ස්ථිර විසඳුමක් සොයා ගැනීමට මෙරට කෘෂි බලධාරීන් තවමත් අපොහොසත් වී සිටිනවා.

එහි ප්‍රතිඵලය වී ඇත්තේ මෙරට බඩඉරිඟු අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් ආනයනය කිරීමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මතු ආත්මෙකදි මගේ අම්මට මෙහෙම වෙන්න එපා" තෙමගුල සිහි කරමින් පැවැත්වූ හිස කෙස් දන්දීමේ දුර්ලභ පින්කම
09:12
Video thumbnail
අටමස්ථානයේ වැරැද්දක් වෙලා - වැරදි නොවෙන්නේ කාගෙ අතින්ද ?මේ පොඩි දෙයක්නේ - කළබලවෙන්න ඕනි නෑ
08:58
Video thumbnail
මෙලෝ අත්දැකීමක් නැති හිඟන්නු - කොහෙවත් ඉන්න එවුන්ට තියෙන රුදාව මොකක්ද ?
06:59
Video thumbnail
තව දුරටත් කතා කර කර ඉන්න ඕනිද ? - ඇමති පෝල්රාජ්ගෙන් සැර කතාවක් - දැඩි තීන්දු ගන්න ඕනි
04:33
Video thumbnail
අසනීප වූ මගියෙක් රැගෙන රෝහලට ගිය බස් රියදුරා - ඒ මනුස්සකමට..එකෙන්ම Respect..!
00:55
Video thumbnail
කට්ටියට අතත් වනාගෙන කොහුවල පන්සලට ආ හිටපු ජනපති මහින්ද..මිනිස්සු වටවෙලා හතරවටේටම වීඩියෝ කරයි
03:21
Video thumbnail
හිටපු ජනපති මහින්ද වෙසක් පොහොය වෙනස් කිරීම ගැන කට අරියි..හරි හෝ වැරදි අපිට ප්‍රශ්න කරන්න බෑ
01:00
Video thumbnail
රිමාන්ඩ් වුණ පොලිස් OIC අත් දෙකත් බැඳගෙන ගැම්මට යන හැටි
00:15
Video thumbnail
අධිවේගී මාර්ග කන්නද කියපු අය අද පුරසාරම් දොඬවනවා - IMF එක සරණං ගච්චාමි ගිහින්
03:31
Video thumbnail
ගමක් හඬවමින් දුම්රියේ ගැ#ටී දෙදරු මවක් එළොව යයි.."ගේට්ටුවක් තිබ්බනම් අද මගේ දරුවා ඉන්නවා"
01:46