ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇෆ්ගන් තරග සංචාරය ගැන දැනුම්දීමක්

මැද පෙරදිග කළාපයේ මතුව ඇති යුධමය වාතාවරණය හේතුවෙන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය කල් දැමීමට ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය (ACB) පියවර ගෙන තිබෙනවා.

තරගාවලිය මාර්තු 13 වන දින ආරම්භ වීමට නියමිතව තිබූ අතර ගුවන් ගමන් අවලංගු වීමත් අවශ්‍ය සේවා සපයා ගැනීමේ දුෂ්කරතාත් සැළකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

අද (11) නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මේ සම්බන්ධයෙන් දැනුම්දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
1
+1
2
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted