AFC Banner
Empty Ad
Empty Ad

සෙල්ෆියක් ගන්න ගිය 21 හැවිරිදි තරුණිය අතුරුදන්

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන්ව තිබෙනවා.

නිට්ටඹුව පොලිසිය පැවසුවේ කෙසෙල් වත්ත, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් ඊයේ (02) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්ව ඇති තරුණියගේ යෙහෙළියන් දෙදෙනෙකු ඔවුන්ගේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි ඥාති නිවෙසකට පැමිණ ඇති අතර, මෙම තරුණිය ද ඔවුන් සමඟ එහි පැමිණ තිබෙනවා.

එහිදී තිදෙනාම අත්තනගලු ඔය අසලට පැමිණ ඇති අතර, එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය පය ලිස්සා අත්තනගලු ඔයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ තරුණිය සොයා නාවික කිමිඳුම් අංශය මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
5
+1
5
+1
44
+1
24
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?