සෙල්ෆියක් ගන්න ගිය 21 හැවිරිදි තරුණිය අතුරුදන්

අත්තනගලු ඔයේ දූනමලේ ජල මාපාන්කය පිහිටි ස්ථානය අසල දී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය තරුණියක් පය ලිස්සා ගොස් ඔයට වැටී අතුරුදන්ව තිබෙනවා.

නිට්ටඹුව පොලිසිය පැවසුවේ කෙසෙල් වත්ත, ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණියක් ඊයේ (02) පස්වරුවේ මෙලෙස අතුරුදන්ව ඇති බවයි.

අතුරුදන්ව ඇති තරුණියගේ යෙහෙළියන් දෙදෙනෙකු ඔවුන්ගේ තිහාරිය ප්‍රදේශයේ පදිංචි ඥාති නිවෙසකට පැමිණ ඇති අතර, මෙම තරුණිය ද ඔවුන් සමඟ එහි පැමිණ තිබෙනවා.

එහිදී තිදෙනාම අත්තනගලු ඔය අසලට පැමිණ ඇති අතර, එහිදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය අවස්ථාවේ මෙම තරුණිය පය ලිස්සා අත්තනගලු ඔයට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

අතුරුදන් වූ තරුණිය සොයා නාවික කිමිඳුම් අංශය මේ වනවිටත් මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
6
+1
5
+1
5
+1
44
+1
24
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38
Video thumbnail
වන අලි කරදර නිසා දඹුල්ලේ මිනිස්සු කුපිත වී මහ පාරට බහියි - වනජීවි එක සම්පූර්ණ බොරු බයිලා ග#හන්නේ
06:42
Video thumbnail
ඇඟිල්ලේ තීන්ත ආලේපනය අහෝසි කිරීම නිසා විශාල මුදලක් ඉතිරි කරන්න පුළුවන් - පැෆ්‍ රල් සංවිධානය කියයි
10:28
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
08:41:22
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා
00:46
Video thumbnail
හදිසියේම නාමල් හමුවූ ප්‍රබලයා
00:43
Video thumbnail
වෑන් රථයක් - ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:41
Video thumbnail
මළපහ කරන පැකට් එකක් අරන් පාර්ලිමේන්තු ආ චාමර
01:01
Video thumbnail
ජයවර්ධනපුර රෝහල පාලනය කරන්නේ මාලිමාවේ විදුලි කාර්මිකයෙක්
01:11
Video thumbnail
යාළුකමට තවත් උදාහරන කුමරටද ? හඳවතට දැනෙන කතාවක්
01:36