spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සෙබළ බිරිඳක සමඟ අනියම් පෙමේ වෙළුණු පොලිස් පරීක්ෂකට මහ රෑ ගුටි පූජාවක්

යුද හමුදා සෙබළකුගේ බිරිඳක් සමඟ හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හමුදා සෙබළාට හසුවීමෙන් පසු පලාගිය සිදුවීමක් වර්තා වනවා.

අදාළ පොලිස් නිලධාරියා සිය යතුරුපැදිය මඟ දමා මෙලෙස පැණ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලිස් පරීක්ෂකවරයාගේ සහායට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු ද යුද හමුදා සෙබළාගේ පහර කෑමෙන් රෝහල් ගතකර ඇති බව සඳහන්.

හමුදා සෙබළාගේ බිරිඳ අදාළ පොලිස් පරීක්ෂකවරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට ලද තොරතුරු මත සෙබළා ඇයට දැඩිලෙස අවවාද කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

පසුගිය දිනක හමුදා සෙබළා රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් නැවත පැමිණෙමින් සිටින අතර තුර රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එහිදී ඇය ඇමතුමට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බවයි.

අනතුරුව හමුදා සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී බිරිඳ සහ යෙහෙළිය යතුරුපැදියක පැමිණි දෙදෙනකු සමඟ කතා කරන අයුරු දැක ඇති අතර, එහිදී පොලිස් පරීක්ෂකවරයා ඇති බවට හඳුනාගත් හමුදා සෙබළා එක්වරම ඔවුන් දෙදෙනාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් පරීක්ෂකවරයා ඔහුට අයත් යතුරුපැදිය ද දමා පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ එලෙස දමාගොස් ඇති යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
25
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?