සෙබළ බිරිඳක සමඟ අනියම් පෙමේ වෙළුණු පොලිස් පරීක්ෂකට මහ රෑ ගුටි පූජාවක්

යුද හමුදා සෙබළකුගේ බිරිඳක් සමඟ හෙර රහසේ කතාබස් කරමින් සිටි අනුරාධපුර කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් හමුදා සෙබළාට හසුවීමෙන් පසු පලාගිය සිදුවීමක් වර්තා වනවා.

අදාළ පොලිස් නිලධාරියා සිය යතුරුපැදිය මඟ දමා මෙලෙස පැණ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර පොලිස් පරීක්ෂකවරයාගේ සහායට පැමිණි පොලිස් කොස්තාපල්වරයකු ද යුද හමුදා සෙබළාගේ පහර කෑමෙන් රෝහල් ගතකර ඇති බව සඳහන්.

හමුදා සෙබළාගේ බිරිඳ අදාළ පොලිස් පරීක්ෂකවරයා සමඟ අනියම් සබඳතාවක් පවත්වන බවට ලද තොරතුරු මත සෙබළා ඇයට දැඩිලෙස අවවාද කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

පසුගිය දිනක හමුදා සෙබළා රාජකාරි කටයුත්තක් සඳහා කොළඹට ගොස් නැවත පැමිණෙමින් සිටින අතර තුර රාත්‍රී 7.30ට පමණ සිය බිරිඳට ඇමතුමක් ලබාගෙන තිබෙනවා.

එහිදී ඇය ඇමතුමට ප්‍රතිචාර දක්වමින් පවසා ඇත්තේ යෙහෙළියකගේ අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි බවයි.

අනතුරුව හමුදා සෙබළා නොදන්වාම වෛද්‍ය මධ්‍යස්ථානය අසලට පැමිණ ඇති බව පොලීසිය සඳහන් කළේ.

එම අවස්ථාවේ දී බිරිඳ සහ යෙහෙළිය යතුරුපැදියක පැමිණි දෙදෙනකු සමඟ කතා කරන අයුරු දැක ඇති අතර, එහිදී පොලිස් පරීක්ෂකවරයා ඇති බවට හඳුනාගත් හමුදා සෙබළා එක්වරම ඔවුන් දෙදෙනාට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පොලිස් පරීක්ෂකවරයා ඔහුට අයත් යතුරුපැදිය ද දමා පළාගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ එලෙස දමාගොස් ඇති යතුරුපැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15
Video thumbnail
අනුර සහෝදරයා එද්දිම මිනිස්සුන්ට කියවුණු ඒ අපූරු වචන ටික අහලාම බලන්න...
00:36
Video thumbnail
පුතා ලෝකයක් දිනද්දී නිවසේ සිට ඒ සතුට විඳගත්තු හිතවතුන්...
00:30
Video thumbnail
දිග්ගල පාරේ ලඳු කැලෑවකින් දුම් බෝම්බ දෙකක් සොයා ග‍යි - පානදුර සලිත වෙයි
00:27
Video thumbnail
මනුස්සයෙක් වේදිකාවේ ඉදලා සජිත් වෙනුවෙන් ගැයූ කවි - "තාත්තට එහා දෙයක් කරන්න හදන පුතෙක්"
02:57
Video thumbnail
ජනතාවගේ ප්‍රශ්න කතා කරන්න ගිය සජිත්ට මිනිස්සුන්ගේ ලැබුණු ආදරය - "මම පාර්ලිමේන්තුවේ කතා කරන්නම්"
02:00